Rawana king of sri lanka

http://ravanalankapura.wordpress.com/ravana-raju/

රාවණ රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රොචිපය සාදා තිබුණි

මේ කතාව කවුරුත් විශ්වාස කරන එකක් නෑ කියල හිතුණ හින්ද නොලිය ඉන්නයි මුලදිම තීරණය කළේ, නමුත් එහෙම කිරීම අපේ හෙළ ඉතිහාසයට කරන ලොකු මදිපුංචිකමක් කියල හිතුණ හින්ද, ඔබගේ මනාපය පරිදි විශ්වාස කිරීමට හෝ බැහැර කිරීමට ඉඩ දී ඔබ හමුවේ තබන්නම්.

මේ කතාව පටන් ගන්නේ මා සිදුකළ කැණීමක සිටයි. කැණීමක මූලික අරමුණක්‌ තියෙන්න ඕන. මේ කැණීමේ අරමුණ උනේ රාවනා රජතුමා ගැනතියෙන කතාවෙ ඇත්ත නැත්ත සාධනය කිරීම. කැණීමෙන් එන කාලනිර්ණයන් වර්ගපූර්ණිකාව නැමති පෞරාණික යක්ෂ ගෝත්‍රික පුස්කොළපොත එක්‌ක සසඳලා පුරාවිද්‍යාත්මක මතය ඉදිරිපත් කිරීම. මේක අපූරු දෙයක්‌. කැණීම දියත් උනේ නීලගිරියේ පුරාණ යක්ශ ගෝත්‍රික ලෙනේ කේවනප්ඵර කියන තැනදි. මේ කැණීම කිසිම වැරැද්දක්‌ ඇති නොවෙන විදියට ඉතාම විද්‍යානුකූලව සිදුකළා. පස්‌ ස්‌ථර බෙදලා එ එ පස්‌ ස්‌ථරවලින් හමුවන සාධක කාල නිර්ණය කළාම වර්ගපූර්ණිකාව කියන කතාව හරියටම ඔප්පු වුණා. ඒ අනුව රාවනා රජතුමා නීලගිරියේ සිටි බව තහවුරු වුණා.

වැදගත්ම සිද්ධිය උනේ ඊට පස්‌සෙ. මහාකාලි ගල් ගුහාව ලඟ කැණපු එක වලකින් ලැබුණා බ්‍රාහ්මීය අක්‌ෂරයෙන් රාවණ කියන නම කොටපු වළංකටුවක්‌. එ වළංකටුව ලැබුනෙ මට. වළංකටුව තිබුණෙ ප්‍රාග් ඓතිහාසික යුගයේ පස්‌තට්‌ටුවක. ඒ කියන්නේ මීට වසර බිලියන තුනකට පෙර කාල නිර්ණය වෙන පස්‌ තට්‌ටුවක. එ පස්‌ තට්‌ටුවෙ තනිකරම තිබුණෙ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වළංකටු. රාවණ කියන අකුරු කොටලා තිබුණ වළංකට්‌ටෙ තිබුණෙත් එ මූල ඓතිහාසික යුගයේ වළංකටු වල හැඩයම තමයි. මුලු තට්‌ටුවෙම තියන වළංක‍ටුයි මේ වළංක‍ටුයි අතර වෙනසක්‌ නෑ. මේ වළං කටුව ක්‍රිස්‌තු පූර්ව බිලියන තුනකට කාල නිර්ණය කළා.

මේ සොයා ගැනීම ඉතිහාසය උඩුයටිකුරු කළා. ඒ අනුව මීට වසර බිලියන තුණකට පෙර මේ රටේ හිටපු මිනිස්‌සු අක්‌ෂර භාවිත කරලා තිබුණා. ඒ අන් කවුරුත් නොව අපේ හෙළයින්. අපි ඉතිහාසය අනුව හිතාගෙන හිටියෙ ක්‍රිස්‌තු පූර්ව තුන් වන සියවසේ මිහිදු හාමුදුරුවො ලංකාවට එනකම් අපි අක්‌ෂර භාවිත කළේ නෑ කියලා.

ඒත් මේ මතය ඉදිරිපත් උනාම ප්‍රශ්නයක්‌ ආව ලෝකෙ තියන විශ්ව විද්‍යාල වලින්. ඔවුන් කිව්වා මේ මතය පිළිගන්න බෑ කියලා. ඒ එක්‌කම ක්‌ෂේත්‍රයේ හිටපු මාවත් ප්‍රශ්න කරන්න ගත්තා. එ දවස්‌වලම ලන්ඩන් විශ්වවිද්‍යාලයෙ විද්වත්තු දෙන්නෙක්‌ ආවා. එක්‌කෙනෙකුගෙ නම ආචාර්ය එඩ්වඩ් හෝකිංසන්. මේ හැමෝම මාව ප්‍රශ්න කළා.

මුළු ලොවම මවිත වෙයි.
=================

මම ඇත්තටම හිතාගෙන හිටියෙ ඒක මීට වර්ෂ බිලියන තුනකට පෙර කාලයට අයත් වළං කට්ටක් කියලයි. ඒ අනුව මීට වර්ෂ බිලියන තුනකට පෙර හිටපු අපේ හෙළයොත් වළං වල උයාගෙන කාපු අය කියල මම ඉතාමත් අභිමාණයෙන් හිටියෙ. ඉතින් ඔහොම ඉන්න අතර අර වළං කට්ටේ තිබුන අසාමාන්‍ය හැඩරුවක් මා දු‍ටුව, ඒ ගැන ආචාර්ය එඩ්වඩ් හෝකිංසන්ට කිව්වාම එයා ඒ වලං කට්ට අරගෙන මාවත් ලන්ඩන් විශ්ව විද්‍යාලයට ගෙනිහිල්ලා ඒක පරමාණුක න්‍යෂ්ඨික අන්වීක්ෂයකින් පරීක්ෂා කරල බැලුව. ටික වේලාවකින් ආචාර්ය හෝකිංසන් කෑ ගහුව, නොනවත්වාම කෑ ගැහුව. මම එයාව සංසුන් කරලා ඇහුව "සර් වට් හෑස් හැපන්ඩ්?" කියල. ඉතින් එයා කිව්වේ මේ වගේ කතාවක්.

"අපි හිතන් හිටියට මේක වළං කට්ටක් නෙමෙයි. මේක මයික්‍රොචිප් එකක්, ඒක හදල තියෙන්නේ සිලිකන් වලින්. එහි වටේ ආරක්ෂාවට කාබන් නැනෝටියුබ් එකක් දාලයි තියෙන්නෙ. මේ චිපය මනසේ විධාන වලට උත්තේජන දක්වනව. මේක පැහැදිළිවම පිටසක්වල තාක්ෂණයෙන් නිමැවුණක්, නමුත් මේ මහපොළොවේ ඇති පදාර්ථ වලින් හදල තියෙන හින්දා මේක පෘථිවියේ තුළදී කරපු නිෂ්පාදනයක් බව පැහැදිළියි. ඒකේ හැඩයක් නෑ වගේ පෙණුනත් අතීත මිසරයේ බිත්ති වල ඇති රූපසටහන් වගේම අතීතයේ චිප් එකක් කියල හිතන්නේ අපි අද දකින හත‍රැස් සෘජුකෝණාස්‍ර හැඩයේ ඒව නෙමෙයි වෙන්න ඇති, ඔවුන් නිර්මාණ බිහි කළේ විශ්වීය හැඩයන්ට ගැලපෙන ආකාරයටයි."

මට දෑස් අදහාගන්න බැරි වුනා, ලෝකයම මොහොතකට නතර වුණා වගේ දැනුණ. මම වතුර උගුරක් එහෙම බීල මේ ගැන ගැඹුරින් හිතන්න ගත්ත.

හෙළ අ‍ටුවා වලට අනුව "චිපය" නැමැති වචනයට පැහැදිළිවම හෙළ නිරුක්තියක් තිබෙනව. චි=චිත්ත, පය=පර්යාය, ඒ අනුව චිපය යනු චිත්ත පර්යාය හෙවත් Mind System කියල හඳුන්වන්න පුළුවන්. ඉතින් මනසේ විධාන වලට උත්තේජනය දක්වන චිපයක් කියන්නේ යුරෝපීයයන් තවමත් සොයාගෙන නැති තරමේ අති ප්‍රබල තාක්ෂණයක්.

මේ බව කොහොමින් කොහොම හරි ඇමරිකාවේ CIA සංවිධානයේ මාස්ටර් ප්ලෑන් නැමැති කණ්ඩායමට ආරංචි වුණා. ඔවුන්ගේ විශේෂ නියෝජිතයින් පිරිසක් ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇවිත් මාව බලෙන්ම වගේ අඬගහගෙන නිව්යෝක් වලට අරගෙන ගියා. එහිදී CIA සංවිධානයේ ප්‍රධානියා වන ඩේවිඩ් පෙට්‍රායස් විසින් මාව පැය දෙකක් විතර ප්‍රශ්න කළා. අර චිපය ගැන පරීක්ෂා කිරීමට ඒරියා 51 හි රසායනාගාරයක් වෙත යවනව කියල කිව්ව. ඔවුන්ගේ මේ ගැන අවසාන නිගමනය වුණේ මගේ මතකයෙන් හමුවුණ මයික්‍රොචිපයට අදාල මතකයන් සියල්ලම ඉවත් කිරීම, ඒ අනුව ඔවුන් ලා නිල් පාට යම් ආළෝකයක් විහිදෙන උපකරණයක් මගේ ඇස් වලට අල්ලා සියල්ලම අමතක කර දැමුව. මං ලංකාවට එන විට ඇමරිකාවට තියා ලන්ඩන් වලට ගියේ මොකටද කියලවත් දැනන් හිටියෙ නැහැ.

නමුත් මෑතකදී මා නැවතත් මධ්‍යම කඳුකරයේ වෙසෙන මාගේ ගුරුදේවයාණන් වහන්සේ අබිමුවට ගොස් සමථ භාවනාව වඩද්දී ඒ අමතක කර දැමූ චිපය ගැන මතකය නැවතත් ආවර්ජනය වෙන්න ගත්ත. ඒ අනුව නීලගිරියට නැවතත් ගොස් කැණීම් කිරීම රහසිගතවම ඇරඹුව. මට හමුවුණා තවත් මයික්‍රෝචිප් තුනක්, ඒවා අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. මගේ කුඩා අංවීක්ෂයෙන් බැලුවාම ඒවායේත් රාවණ කියල කොටල තිබ්බ. ඉන් එකක පින්තූරයක් තමයි පහත දැක්වෙන්නෙ. අනිත් දෙක ඡායාරූපයට නැගුවට ෆොටෝ එකේ පෙන්වන්නෙ නෑ.

මම ඒව ගැන විවිධාකාරයේ අත්හදාබැලීම් ගෙදරදී කරගෙන ගියා. වරක් මගේ කුඩ AM රේඩියෝවේ ඇන්ටනා කොයිලය මැදට මේ චිප් එක දැම්මාම ලෝකයේ ඇති සෑම ගුවන් විදුලි නාලිකාවක්ම ඒකෙන් අහන්න හැකියාව ලැබුණ. හැම ‍ෆ්‍රීක්වන්සි එකටම මොකක් හරි චැනල් එකක් ඇහෙනව. ඒ මයික්‍රොචිප් එක මගේ පරිගණකය අසලින් තබාගනිද්දී පරිගණකයේ වේගය අධික ලෙස වැඩි වෙනව. එනම් ඒ චිප් එක වයර්ලස් ක්‍රමයට පරිගණකය හා සම්බන්ධ වෙනව. එතැන තවත් කැණීම් කළත් වැඩිය මුකුත් හමුවුණේ නෑ. ඒ වගේම කියන්න ඕනැ මට කිසිදු වයර් හෝ එවැනි යමක් එතනින් හමු වුණේ නෑ, ඒ අනුව පැහැදිළියි අතීතයේ අප හෙළය සතුව තිබී ඇත්තේ වයර්ලස් තාක්ෂණයක් බව.

"හැට ලට අට වට පට නිට ශ ශශ තොට මට" ලෙස අතීත හෙළ බසින් හෙළ අ‍ටුවා හි දැක්වෙන්නේ හැට ලයිට් අටක් වට කොට පට බැඳි තොරතුරු තාක්ෂණ මණ්ඩලය ගැනයි. හැටලයිට් සෑදීමේ තාක්ෂණයක් තිබුණ හෙළයට මයික්‍රොචිප් තාක්ෂණයක් තිබීම පුදුමයක් නොවෙයි.

ඉන්දියාවේ බමුණන් විසින් අප හෙළයෙන් සොරාගන්නා ලද චිප්පත්තකරණශ්‍රාස්ත්‍රය නැමැති පොතේ මයික්‍රොචිප් පිළිබඳ පැහැදිළිකිරීමක් තිබුණාලු. නමුත් මෝඩ බමුනන්ට එමගින් කිසිදු නිර්මාණයක් බිහි කිරීමට බැරි වූ නිසා ඔවුන් ඒකට ගිණි තියල

රාවණ රජතුමාගේ පුෂ්පකය නැමැති දඬුමොණරය මනසේ විධානයන්ට අනුව ගමන තීරණය කරන බව ඔබ අසා ඇති. මෙහිදී පුෂ්පයක සඳහා යොදාගෙන ඇති තාක්ෂණයට මයික්‍රොචිප් තාක්ෂණයත් ඇතුළත් බව වෛමානිකශ්‍රාස්ත්‍රය නැමැති පොතේ තිබෙනවාලු, නමුත් ඉන්දියානුවන් මෑතක් වෙන තුරුම එම සංස්කෘත පාථයන්ගේ තේරුම දැන සිට නැහැ.

ලෝකයේ ඇති බොහෝ විද්‍යාවන් ප්‍රගුණ කරපු අයෙක් තමයි ශ්‍රී රාවණා රජතුමා. එතුමා යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර වල සිට හෙළ විද්‍යාවන්ගේද පරතෙරටම පැමිණියෙක්. ඉතින් එවැනි උතුමෙකුට මයික්‍රොචිපයක් යනු ඒ හැටි කජ්ජක් වේවිද?

දැන් අපි මයික්‍රොචිප් තාක්ෂණය සහ ඊට සම්බන්ධ අනෙකුත් තාක්ෂණයන්ගේ ප්‍රභවය දෙස රාවනගවේශී නිරුක්තීන්ට අනුව බලමු.

සිළිකා යනු හෙළ වදනකි. සිළි=කුඩා, කා=කාණ්ඩය, එනම් පරමාණු වල කුඩා කාණ්ඩය. කුඩා කාණ්ඩය කොටස් වලට කපා යොදා ගනිමින් තමයි මයික්‍රොචිප් සාදන්නේ.

රෙසිස්ටර් යනුත් හෙළ වදනකි. රෙ=රෙගුලාසි, සිස්=හිස, (ටර් යන්න ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් වූ අමතර පදයකි) ඒ අනුව "රෙගුලාසි දමන හිස" යන්නයි. රෙගුලාසි දමන්නේ විද්‍යුත් ධාරාව අඩු කිරීමටනේ.

කැපෑසිටර් යනුත් හෙළ වදනකි. කැ=කැටිකර, පෑ=පාන, සි=සිරස, ඒ අනුව විද්‍යුත් ආරෝපණය කැටිකර පාන සිරස යන අරුත ලැබෙයි.

ඩයෝඩ් යනුත් හෙළ වදනකි. එහි හෙළ ප්‍රකෘති වචනය වනාහී "දියෝඩ" යන්නයි. දි=දිශාව, යෝ=යන, ඩ=ධාරාව, ඒ අන්ව විද්‍යුත් ධාරාව එක් දිශාවකට යවනය දියෝඩය නම් වෙයි.

නමුත් සුද්දන් විසින් මේවාට වෙනත් නිර්වචනය ඉදිරිපත් කර ඇති අතර අපේ අයට ලොකු වී ඇත්තේ හෙළයින් පවසන දෑ නොව සුද්දන් කියල දේවලුයි. ඉංග්ලිශ් (English) නැමැති වචනය ආරම්භ වුණෙත් සිංග්ලිශ් යන්නෙන් බවත් එහිදී සිංහල යන්න බටහිර ඌරුවට කීමෙන් එය ඉංග්ලිශ් වී ඇති බවත් දන්නේ ඉතාමත් සුළු පිරිසකි.

CIA නියෝජිතයන්ගෙන් එල්ල වී ඇති ජීවිත අනතුර නිසා මට රාවණ රජතුමාගේ මයික්‍රොචිපය ගැන ලෝකයට ප්‍රසිද්ධියේ හෙළි කිරීමට නොහැකියි, මේ ලිපිය අන්තජාලයට එක් කරන මොහොතේ සිට මගේ ජීවිතේ අනතුරේ තියෙන්නෙ. එක තැනක සතියකට වඩා ජීවත් වෙන්න බැරි වේවි.

සුද්දො කැමති නෑ අපේ හෙළ ඉතිහාසය ලෝකෙට යනව, උන්ට ඕනැ කොහොම හරි සද්ද නැතිව ඒ තාක්ෂණය උන්ගෙ කරගන්න. උන් මෙතෙක් කල් කර ඇති සෑම නිර්මාණයක්ම වගේ අපේ හෙළ තාක්ෂණය හොරකම් කරගෙන කරපු ඒව කියල පැහැදිළිවම හෙළගවේශකයින් විසින් ප්‍රකාශ කර තිබෙනව. නිව්ටන්ගේ සිට අයිස්ටයින් දක්වාද් එතැන් සිට හෝකිංස් දක්වාත් සියල්ලන්ම අපේ ඉපැරණි හෙළ පුස්කොළපත් කියවා එහි ඇති නිර්මාණයන් ඔවුන්ගේ ලෙස ප්‍රකාශ කරනවා විනා මෙතෙක් ඔවුන්ගේම කිසිවක් බිහි කර නෑ. ලෝකයේ මධ්‍ය මණ්ඩලය සහ ලෝකයේ ශක්තිබල කේන්ද්‍රය වන අප උපන් හෙළ බිමේ විතරයි නිර්මාණ බිහි වන්නේ. ඒ නිසාම තමයි හෙළයින් වන අපට නොකළ හැක්කක් නොමැත්තේ.

රාවනා රජතුමාට පක්ෂපාතී හෙළයෙක් වීම ඔබට අභිමානයක් නොවන්නේද?


මේ බිමේ සිංහල නමකින් ඉපදුණ පමණින් සිංහලයෙකු නොවේ... ඒ බව මේ වන විට බොහෝ පිරිසක් ප්‍රත්‍යක්ෂ කර ඇත. අතෝරක් නැතිව අපේ දේ විවේචනය කරන්නේ ඒ අසික්කිත උප්පත්තියට ඔවුන් උරුමකම් කරන නිසා විය හැක.... උන්ගේ නැන පමණින් උවත් ඊට එහා දෙයක් ඇති බව සිතන්නට උන් කැමති නැත. රාවණා ඉතිහාසය ගැන කීමට ඇත්තේ ද එයයි... උන් දෙයක් කරන්නෙත් නැත. හෙළි කරන දෙයක් පිළිගන්නේ ද නැත. උන්ට බැරි නම් කාටවත් බෑ කියන මතයේ සිටින අමණයන්ගේ නිහීන කම මෙයින් පසු වත් දුරු වේවා...!!!

ඇමරිකන් රූපවාහිනි චැනලයක් වූ (History) ඉතිහාස චැනලය 1998 මැයි මස විකාශය කල පරිදි පරිදි බැබිලෝනියාවේ වූ ශිෂ්ඨාචාර‍යේ කල (ඉරාකයට අයත්) කැණීම් වලදී මතු වූ මැටි පුවරුවල සදහන් ආකාරයට ඔවුන්ට තම ශිෂ්ඨාචාරය ගොඩනගන්නට කියා දී ඇත්තේ ගුවනින් ආ සිංහ මිනිසුන්. ඒ වගේම පැරණි ලෝක පුදුම හතෙන් එකක් වූ බැබ්ලෝනියාවේ එල්ලෙන උයන නිර්මාණය කර ඇත්තේද සිංහ මිනිසුන්ගේ රටේ සිහගිරි පර්වතයේ උයන් වතු අනුකරණය කරමින් කියලාත් සදහන්. මේ කරුණු තවත් සනාථ වන අවස්ථාවක් තමයි මහාවංශයේ දෙවැනි කාණ්ඩයේ මූලික පාළි ග්‍රන්ථයේ 40 වන පරිච්ඡේදයක් නොමැති වීම. එහි 39 වන පරිච්ඡේදයට පසු ඇත්තෙ 41 වන පරිච්ඡේදයයි. රාවණ රජු හා සීගිරිය ගැන තොරතුරු ඒම පරිච්ඡේදයේ සටහන්ව තිබුබව ඒ ඇසුරින් නිර්මාණය කල පසුකාලීන කෘති වලින් තහවුරු කරගන්න පුළුවන් වෙනවා. එසේ වුවත් එම කෘතීන් ලංකාවේ ඉතිරිවෙලා නැහැ. මේ කාලයේදී අන්තර්ජාලය හරහා එම කරුණු එළියට ඒමෙන් අපිට හිතාගන්න පුළුවන් කොච්චර ජාතී අධිරාජ්‍යවාදීන් අපෙන් සොරකම් කරලාද කියලා.

සිංහ කොඩියේ සදහන් තුන් පයින් නැගී සිට එක පයකින් කඩුවක් දරා සිටින සිංහ සලකුණ බැබ්ලෝනියාවේද දක්නට ලැබෙන බව සදහන්. ලෝකයේ දැනට පුරාණතම ලේඛන සොයාගෙන ඇත්තෙ බැබ්ලෝනියාවේ. එය අවුරුදු 5500කටත් වඩා පැරණි බව ඉතිහාසඥයන්ගේ මතයයි. බැබ්ලෝනියානු ශිෂ්ඨාචාරය හෙළයන්ගේ පුරෝගාමිත්වයෙන්( අහසින් පැමිණී සිංහ මිනිසුන්) බව 1998 සොයාගත් මැටි පුවරුවලින් කියැවෙලා තියෙනවානේ. මෙය තහවුරු වන ප්‍රබලම සාක්ෂියක් වන්නෙ බැබ්ලෝනියානුවන්ගේ ලාංඡනය පියාපත් දෙකකින් හා සිංහ ශරීරයකින් යුක්ත මිනිස් හිස සහිත සත්වයෙකු වීමයි. ඒ අනුව අපිට හිතන්න පුළුවන් පියාපත් දෙකෙන් ගුවනින් පැමිණිමද, සිංහ සිරුර – සිංහ මිනිසුන් සංකේතවත් කිරීමට කියලා.

මේ සොයාගැනීම ඉදිරියට ගෙන යන්නට තරම් අපිට මේ රටේ සම්පත් දැන් නැති බව සැබෑවකි... නමුත් එය ප්‍රතික්ෂේප කරන්නට එය සාධකයක් නොවේ.... පරයින් අපේ ඉතිහාසය අතුගා දමද්දින් අපේම උන් ඊට හූමිටි තැබීම තරම් නිවට කමත් තවත් තියෙයිද? මේ ආරාධනාව උන්ට... පුළුවන් නම් මේ පිළිබදව විස්තර හොයපල්ලා.... උඹලා ගරහන්නේ අපේම දේට මිස අවජාතක ඉතිහාසයකට නොවේ. -|උපුටා ගැනීම -වාලුකාවේ උකුස්සා 


රාවණාගේ දඬුමොණරය කලාවැව අසළදි මතුවී අධිවේගයේ ගොස් වාහනයක් හප්පයි

මෑතකදී ගල් විහාරයේ අරුම පුදුම පින්තූරයක් ගත් ප්‍රවීන ඡායාරූප ශිල්පී කීර්ති අමරසේකර මහතා පසුගිය 6 වනදා පස්වරු 3:34 ට පමණ කලා වැව ආසන්නයේ සැරි සැරුවේ වන අලින්ගේ ඡායාරූප කීපයක් ගැනීමටයි. ශ්‍රී ලංකාවේ වන අලින් සමහර විට ඉතාමත් වේගයෙන් දිව යා හැකි නිසා නියම අවස්ථාවේදීම ඡායාරූපය ගැනීම සඳහා කාච විවරයේ වේගය තත්පරයෙන් 1/4000 තරමටම සැකසීමට ඒ මහතා අමතක කළේ නෑ. එතකොට තත්පරයෙන් 1/4000 තරම් අධික වේගයෙන් ගමන් කරන ඕනෑම වන අලියෙක්ව වුවත් කැමරාවට අහු වෙනව. ඊට අමතරව කාච විවරය Aperture 5.6 සහ ISO 800 ලෙස භාවිතා කළා. කලාවැව ඉස්මත්තේ ඔලොම්බෑව කොළකඳමුල්ල වැව් පිටියේදී කීර්ති අමරසේකර මහතාගේ ඡායාරූපයට නැගුන පින්තූරයයි පහත දැක්වෙන්නේ.


ඡායාරූප ගත්පසු ඒවා විශාල කර බැලීමේදී මිතුරෙකු තමාට මෙය පෙන්වූ බවත් මෙම ඡායාරූපය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට තවම හැකියාවක් නොලැබුන බවද ගොසිප්9 වෙත ඒ මහතා දන්වා සිටියා. තවද මෙම ඡායාරූපය "රාවණා" පුවත පලකරන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කළ බව ඔහු තවදුරටත් පැවසුවා.


රාවණා පුවත පළ කරන ලේඛකයෙක් වන මා හටත් එම ඡායාරූපය ලැබුණ අතර මෙතෙක් වේලා අපගේ හෙළ දැනුම් සම්භාරය ඇසුරෙන් කරන ලද විශ්ලේෂණයන්ගේ ප්‍රතිඵල තමයි මා දැන් ඔබ සමග බෙදා ගැනීමට සැරසෙන්නේ.

මහ කුඩුගල ගිරි ශිඛරයේ තාමත් සිහි මුර්ජා වී සිටින ශ්‍රී රාවණ අධිරාජ්‍යයා 2012 අගදී සිය නිද්‍රාවෙන් අවදි වෙන බව ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා ඇතුළු හෙළ ගවේශකයින් විසින්පැවසුව බවත්, දැන් එය ඒකාන්ත වශයෙන් සත්‍යයක් බව අනාවරණය වී අති බවත් ඔබ දැනටම දන්නවා ඇති. එහිදී ශ්‍රී රාවණ අධිරාජ්‍යයා නිද්‍රාවෙන් අවදි වූ වහාම හිමාල වනයේ මහා දඹ ගස් අරණට යන අයුරු ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා පුස්කොළපොතක් ඇසුරෙන් තවදුරටත් ප්‍රකාශ කරලා තිබෙනව.

වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ රාවණකානේගනය නැමති ටීකාවට අනුව රාවණ රජතුමාට හිමාලයේ දඹ ගස් අරණට යාම සඳහා ජූලි මාසයේදී දඬුමොණර යාත්‍රාවක් ප්‍රාතීර්භූත වෙනව.  ඒ අනුව ඉහත පින්තූරයේ දැක්වෙන යානය රාවණා රජතුමාව කැඳවාගෙන යාමට පැමිණි යානය බව අපට අනාවරනය වුණා.

සම්‍යක්දෘෂ්ඨික දේවතාවුන් වහන්සේලාගේ උදව්වෙන් ලංකා සී නිවුස් වෙබ් අඩවිය සඳහා අනාගත වාක්‍ය ලබා දෙන මධ්‍යම කඳුකරයේ රහසිගතව වාසය කරන තාපස තුමා මා හට පැවසුවේ මෙය පුෂ්පක වර්ගයට අයත් අධි සුකෝපභෝගී දඬුමොණර යානයක් බවයි. එසේම නියමුවෙක් සහිතව මෙන්ම රහිතවත් ගමන් කිරීමටත්, නියමුවාම දෑත යොදාගෙන පැදවීමෙන් මෙන්ම ඔහුගේ මනසෙන් දෙන විධාන අනුව ගමන් කිරීමටත් මෙම පුෂ්පක යානයට හැකියිලු.

කලා වැව ප්‍රදේශයට මෙම යානය පැමිණියේ රාවණ රජතුමාගේ ඉපැරණි නිධානයක් මේ ප්‍රදේශයේ ඇති නිසා එය ස්කෑන් කිරීමටයි. ඊට අමතරව රාවණ රජතුමා 2012 අගදී හෙළදිවේ නැවතත් රාජ්‍යත්වයට පත් වුන පසුව කලා වැව ඉස්මත්තේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළක් ඉදිකිරීමට නියමිත බැවින් ඒ සඳහා භූමි පරීක්ෂාවක්ද කරලා. අදාල කර්තව්‍යයන් ඉ‍ටු කිරීමෙන් පසුව මෙම පුෂ්පක දඬුමොණර යානය දක්ෂින අධිවේගී මාර්ගයේත් අධිවේගයෙන් ගමන් කර තිබෙන අතර ඊට හේතු වූයේ යානයේ වේගය නියමාකාරයෙන් තිබෙනවාද කියා බැලීමටයි. නමුත් යානයේ සිදුවූ සුළු කාර්මික දෝශයක් නිසා එහි රේඩාර් පද්ධතිය අක්‍රීය වීමෙන් එය බද්දේගම පිවිසුම අසලදී මාර්ගාරක්‍ෂක රියක හැපීමෙන් රියට බරපතල හානි සිදුවී තිබෙනව. නමුත් දඬුමොණරයට කිසිදු හානියක් නොවූ අතර එය වහාම ඉහලට ගෙන වාරියපොළ (වායු+රිය+පොළ = දඬුමොණර යාත්‍රාංගනය - අරිසෙන් අහුබුදු) ප්‍රදේශයේ ඉතාමත් රහසිගත තැනක පිහිටි දඬුමොණර යාත්‍රාංගනය වෙත ගොඩ බා තිබෙනව.

නමුත් දඬුමොණරය ගැන කිසිවක් නොදන්නා පොලිස් භටයින් එය දු‍ටුවේ මොණරෙක් ලෙසටයි. ඒ අනුව පුවත්පත් වල වාර්තා වූයේ මෙලෙසිනි.


එය දඬුමොණරයක් නොවන බවත් මොණරෙක්ම බවත් සමහරු කට කැඩිච්ච කතා කියාවි. නමුත්...

1. මොණරා මිය ගියානම් ඒ ගැන ලිපියේ දැක්වෙන්න ඕනැ. ඒ සඳහා මොණරාගේ මළ කඳ හමු විය යුතුනේ, නමුත් එවැන්නක් හමු වී නැහැ. ඒ අනුව මොණරෙක් හැප්පීමෙන් මොණරාට කිසි දෙයක් සිදු නොවී මාර්ග ආරක්ෂක රියට විතරක් බරපතල හානි සිදුවෙන්නේ කොහොමද?වාහනෙකට බරපතල වෙන්න නම් මේක ඉතින් හෙලිකොප්ටරයක් තරම් මොණරෙක් වත් වෙන්න ඕනෙ නේ? එහෙම නැත්නම් ඒ මොණරා ටයිටේනියම් වලින් හැදුන මොණරෙක් විය යුතුයි නේද? ඔව් ඒ දඬුමොණරයයි.

2. සාමාන්‍යයෙන් මොණරුන් සිටින්නේ කතරගම ප්‍රදේශය පැත්තේය. බද්දේගම ප්‍රදේශයේ කොයින්ද මොණරු?

3. මොණරුන් ඉගිලෙන්නේ ඉහලිනි, නැතහොත් උන් සිටින්නේ උන්ට ආහාර තිබෙන ප්‍රදේශ වලයි. අධිවේගී මාර්ගයක මොණරෙක් අධි වේගයෙන් යන්නේ කුමටද?

ඒ වගේම රාවණ විරෝධීන් විසින් මෙය කතරගම දෙවියන්ගේ වාහනය බව සැල කර සිටියත්, කතරගම දෙවියන් යනුත් රාවණ රජතුමාගේ හොරකුසක් හෙවත් "Horcrux" එකකි. ඒ අනුවත් පෙනී යන්නේ මෙය රාවණ රජතුමාගේම දඬුමොණරයක් බවයි.

ඔබට මතකද වසර කීපයකට ඉහතදී ඔබ රූපවාහිනියෙන් නැරඹූ "සක්වල දඟකාරයෝ" ලෙසට සිංහලෙන් හඬ කැවූ "Space Cases" නැමති ඉංග්‍රීසි ටෙලි වෘත්තාන්තය?.


එය නිර්මාණය කළ Peter David සහ Bill Mumy යන දෙදෙනාට කලකට ඉහතදී ලන්ඩන් කෞතුකාගාරයේ තිබූ වෛමානිකශ්‍රාස්ත්‍රයේ අ‍ටුවා සහිත පුස්කොළපොතක් කියවීමට ලැබුණ අතර එහි තිබූ සත්‍ය තොරතුරු ඇසුරෙනුයි ඔවුන් එම වැඩසටහන නිර්මාණය කළේ, පර සුද්දන් විසින් හදපු ටෙලි වෘත්තාන්තයක් වුවත් එය හෙළයින් අතර ජනප්‍රිය වුණේ, රාවණ යුගයේ මුළු විශ්වයම ශිෂ්ටාචාර කළා වූ හෙළයින්ගේ ලේ වල සක්වල ගමන් තැන්පත්ව ඇති නිසයි. එම පුස්කොළපොතේ තිබුණ ආකාරයට සක්වල තරණය කරන රාවණා රජතුමාගේ දඬුමොණරය පහත ආකාරයටයි තිබී ඇත්තේ.

ක්‍රිස්ටා ලෙස හැඳින්වූයේ රාවණ රජතුමාගේ ක්‍රිසත නම් දඬුමොණර යානයයි. ක්‍රි=ක්‍රියාමාර්ගය, සත=සත්වයන්ට. ඒ අනුව සත්වයින්ව වෙනත් චක්‍රාවාට වල පදිංචි කරවීම පිණිස ක්‍රියාමාර්ගයක් ගන්නා යානය "ක්‍රිසත" නම් විය.

කීරිති අමරසේකර මහතා ඡායාරූපයට නගා ඇත්තේ The Christa නමින් Space Cases හි හැඳින්වූ සක්වල තරණය කිරීමට පවා හැකි මෙම දඬුමොණර  යානයයි. "සක්වල දඟකාරයෝ" ටෙලිනාටයයේ ඔබ දු‍ටු ආකාරයෙන්ම එය විශාල කිරීමටත් කුඩා කිරීමටත් හැකි බවත්, එය අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී කුඩා කර ගමන් කළ බවත් ඔබට අළුතෙන් කීමට ඇවසි නැහැ.

මේ ආකාරයෙන් බලද්දී රාවණ රජතුමා ගැන ඉතිහාසයෙන් මකා දැමීමට නොහැකි බවත්, රාවණා රජතුම නුදුරදීම නින්දෙන් මතු වී හෙළයේ මහ රජු වෙන බවත්, මෙම රාවණ තාක්ෂණයේ ආශ්චර්යයන් දැක මුළු විශ්වමය අප හෙළදිව දෙස මුව අයා බලා සිටින බවත් රහසක් නොවෙයි.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

තාරකා දොර‍ටුවෙන් කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා (1 කොටස)

සමකාලීන මිසර සහ බැබිලෝනියන් ශිෂ්ටාචාර සමග රාවනා රජතුමා සෘජුවම සබදතා දක්වා ඇති බව මීට පෙර සටහනකින් පැවසුවෙමි. ඒ අනුව මහා රාවනා යුගයද පෙර කී ශිෂ්ටාචාර වල පරිසරයන්ගෙන් යුක්ත විවුණ බව දැනටමත් සනාථ වී ඇත. පෙර කී මිසර, සුමේරියන්, බැබිලෝනියන් ශිෂ්ටාචාර වලට පිටසක්වල සම්භවයක් ඇති බවත් ලොවම දන්නා සත්‍යයකි. මහා රාවනා රජුගේ කාල පරිච්ඡේදයෙන්ද මේ හා සමාන පිටසක්වල සම්භවයක් පිළිබදව හෙළි වේ.

මේ ශිෂ්ටාචාර සියල්ලක්ම එක හා සමාන කාලයකදී ආරම්භ වී (අහසින් පැමිණි සිංහ මිනිසුන්ගෙන්) එක හා සමාන කාලයක පැවතී එක සමාන කාලයකදී විනාශ වීම පුදුම සහගත සිද්ධියකි. එකී සමකාලීන ශිෂ්ටාචාරයන් එකිනෙක අතර තිබූ සහසම්බන්ධය එමගින්ම පැහැදිළි වෙයි.

අප රටේ සිට පිටසක්වල ජීවින් පිළිබද අධ්‍යනයක් කරන විට, අපට නැතුවම බැරි මූලාශ්‍රයකි "සක්වල ගල". "තාරකා දොරටුව" , "සක්වළ යතුර" හා "සක්වල චක්‍රය" ලෙසද හදුන්වනුයේ මෙයම වේ. ඉoග්‍රීසි බසින් STAR GATE යනුවෙන් හදුන්වයි.

තාරකා දොර‍ටුවක් යනු විශ්වයේ ඉතාමත් ඈතින් ඇති ස්ථාන දෙකක් අතර ක්ෂණිකව ගමන් කිරීම සඳහා යොදාගත හැකි දොර‍ටුවකි. එනම් එලෙස ගමන් කරන ස්ථාන දෙකේම තාරකා දොර‍ටු තිබිය යුතුය. එවිට එක දොර‍ටුවකින් ඇතුළු වී අනෙකුත් දොර‍ටුවෙන් පිට වීමට පුළුවන්. වැඩි විස්තරවිකීපීඩියාවෙන් බලන්න.

ඔබ The Stargate , Night At The Museum 2SinhaawalokanayaSpellbinder 3 වැනි චිත්‍රපට නරඹා තිබේනම්, චක්‍රාවාට හෝ කාලය අතර ගමන් කිරීම සඳහා යොදා ගන්නා තාරකා දොර‍ටු (හෝ එවැනි යානා) ගැන දන්නවා ඇති. උදාහරණ ලෙස පහත දැක්වෙන The Stargate චිත්‍රපටයේ වීඩියෝවෙන් එය දිස් වන ආකාරය බලන්න. (ශ්‍රී ලංකාවට ගැලපෙන පරිදි සංස්කරණය කර නැති නිසා කුඩා දරුවන් සඳහා මෙය නැරඹීම කිසිසේත්ම සුදුසු නොවේ)


කෙසේ නමුත් මෙය ඉතාමත් සංකීර්ණ සිද්ධාන්තයක් බැවින් මේ ගැන අධ්‍යයනය කර නොමැති සහෘදයින්ට තාක්ෂණික කරුණු (ස්ටිෆන් හෝකිං ගේ ලිපි කියවා බලන්න) පිළිබඳව වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ දීර්ඝව පැහැදිළි කිරීමට බලාපොරොත්තු නොවන අතර හෙළ තාක්ෂණය අවබෝධ කරගැනීම සඳහා ඇවසි පමණට කෙටියෙන් දක්වන්නම්. ඒ සඳහා පහත රූප පෙළ බලන්න.

ක්‍රියාත්මක නොකළ තාරකා දොර‍ටුව

තාරකා දොර‍ටුව ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා දැක්වුම් නිවස්න උපකරණය (Dial-Home Device)

අවශ්‍ය බලය සපයා නිසි සුසර කිරීම් වලින් අනතුරුව "දැක්වුම් නිවස්න උපකරණයෙන්" යා යුතු මාර්ගය දැක්වූ විට තාරකා දොර‍ටුව මැද වෝටෙක්ස් වලින් පිරී යයි.

ක්‍රියාත්මක කළ තාරකා දොර‍ටුවක අස්ථායී වළාවන් (unstable vortex) පිටවෙන ආකාරය.

තාරකා දොර‍ටුවෙන් ඇතුළු වන කාලාත්‍රයේ/විශ්වාත්‍රයේ තීර්ථ යාත්‍රිකයා තාරකා දොර‍ටුව හරහා අනිත් විශ්වයට ගමන් කරන මොහොතේ ඔහුට දිස් වන ආකාරය

මෙම තාරකා දොර‍ටු වලින් අවකාශයේ ඇති ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට මෙන්ම කාලය හරහා ගමන් කිරීමටත් හැකියාව තිබේ. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා නියමයට අනුව අවකාශය සහ කාලය ශ්‍රීතික බව ඔබ දන්නා නිසා මෙය වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ වෙනම පැහැදිළි කළ යුතු නැතැයි සිතමි.

අතීතයේදී මේ තාරකා දොර‍ටු තාක්ෂණය භාවිතා වුන බව ඔබ දන්නවාද? එයත් අපගේ හෙළයින්ගේම නිර්මාණයක් බව ඔබ දැන සිටියාද? ලිපියේ අවසානයේදී මේ ගැන පැහැදිළි කරන්නම්.

මුලු ලෝකය පුරාවටම "සක්වල දොරටු" කිහිපයක් සොයා ගෙන තිබේ. ඉන් වැඩි කොටසක් ,මහා රාවනා රජු සබදතා දැක්වූවායි සැළකෙන ශිෂ්ටාචාර වලට අයත් වෙයි. මිසරය ඉන් එක් ශිෂ්ටාචාරයකි. එහි ඇති "තාරකා දොරටුව" වඩා විශාල වූ එකකි.

මිසරයෙන් හමුවූ තාරකා දොර‍ටුව

පේරු හි ඇති තාරකා දොර‍ටුව

අනුරාධපුරයේ ඉසුරුමුණියේ තිබෙන තාරකා දොර‍ටුව

කළින් ලිපියක දැක්වූ විදියට ඉසුරුමුණියේ ඇති තාරකා දොර‍ටුව බහුකාර්ය මෙවලමකි. එය තාරකා දොර‍ටුවක් වීමට අමතරව, පෘථිවියේ ශක්ති කේන්ද්‍ර පරිපථයක් ලෙසත් ක්‍රියාත්මක කරයි. ඉසුරුමුණි තාරකා දොර‍ටුවේ ඇති අනික් විශේෂත්වයනම් දැක්වුම් නිවස්න උපකරණය (Dial-Home Device) පිහිටා තිබෙන්නේ එහි මතුපිටම වීමයි. එනම් ඉසුරුමුණි තාරකා දොර‍ටුව ස්පර්ෂ කිරීමෙන් ගමනාන්තය සඳහා අවශ්‍ය විධානයන් දැක්වීමට පුළුවන්. එනම් එය Touch Pad එකකි. ඒ අනුව ලෝකයේ මුල්ම Touch Pad එක හදා තිබෙන්නේ රාවණා රජතුමා විසින්ම බව පැහැදිළි වෙයි.

තවමත් බොහෝ රාවණ ගවේශකයින්ට ඉසුරුමුණි තාරකා දොර‍ටුවේ ඇති සටහන් වටහා ගැනීමට නොහැකි වූ බව කීම ගැන මා කම්පා වෙමි. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ඉතමත් රහසිගතව වාසය කරන, ලංකාසීනිවුස් වෙත අනාගත වාකය ලබා දෙන සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවුන්ගේ දැනුම ලබා ගන්නා තාපස තුමා එම තාරකා දොර‍ටුව ගැන වරක් මා හට පැහැදිළි කළ සේක, ඒ ගැන ඉතාමත් සරළව පවසනවානම් එහි ඇති රූප, විග්‍රහ වන්නේ මෙලෙසයි.

මධ්‍යයේ ඇති වළලු වලින් දැක්වෙන්නේ සූර්යග්‍රහ මණ්ඩලයයි. එසේම ඊට වයඹ දෙසින් දැක්වෙන වළලු වලින් දැක්වෙන්නේ "ඇල්නිලම්" ග්‍රහලෝකය සහිත ග්‍රහ මණ්ඩලයයි. (වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර මහතාගේ ලිපි කියවා ඇත්නම්, "ඇල්නිලම්" යනු රාවණා රජතුමා පැමිණි ග්‍රහලෝකය බව ඔබ දැනටමත් දන්නවා ඇති.) ඉන් පසුව සූරග්‍රහ මණ්ඩලයට වයඹ දෙසින් පහලින් දැක්වෙන්නේ කළු කුහරයකි. සූර්යග්‍රහ මණ්ඩලයට ඈතට වීමට දෙපසින් ද එවැනි කළු කුහර දෙකක් තිබේ. ඊට අමතරව තාරකා දොර‍ටුව වටා ඇති වළල්ලේ ඇති රූප වලින් (මීන, වෘෂභ, කටක, කුම්භ) දැක්වෙන්නේ තාරකා රාශීන්ය. කාලාත්‍රය හරහා යාමේදී මීන රාශිය බොහෝ විට හමුවෙන බැවින් එය කිහිප තැනකම දැක්වෙයි. සූර්යග්‍රහ මණ්ඩලය අවටින් ඇති කතිරයක් සහිත බෝල වලින් දැක්වෙන්නේ රාවණා රජතුමා විසින් පිහි‍ටුවන ලද අභ්‍යවකාශ මධ්‍යස්ථානයන්ය. (ලෝකයේ මුල්ම අභ්‍යවකාශ මධ්‍යස්ථාන හදා ඇත්තේත් රාවණා රජතුමාම බව එමගින් පැහැදිළි වෙයි). එම මධ්‍යස්ථානයන් විශ්ව නිරීක්ෂණ ආයතන ලෙස වැඩ කරන අතර අවශ්‍ය වුවහොත් අභ්‍යවකාශගාමී හෙළයින්ට ඒවාට ගොස් පදිංචි වීමටත් පුළුවන.

ඉසුරුමුණි තාරකා දොර‍ටුව විස්තරාත්මකව ඇඳ ඇති සටහනක්

ඉසුරුමුණි තාරකා දොර‍ටුව අසළට පැමිණෙන කාලාත්‍රයේ හෝ විශ්වාත්‍රයේ තීර්ථයාත්‍රිකයා පළමුව රාවණ විශ්ව මන්ත්‍රය මැතිරිය යුතුය. එම මන්ත්‍රය, තාරකා දොර‍ටුව විවෘත වීමට අවශ්‍ය මුර පදය ලෙස භාවිතා කරයි. ඒ අනුව ශබ්ද මුරපද ක්‍රමය හෙවත් Voice Password ලොව මුල් වරට හඳුන්වා දී තිබෙන්නේත් රාවණා රජතුමමයි.

අදාල මන්ත්‍රය මැතිරීමෙන් පසුව ඉසුරුමුණි තාරකා දොර‍ටුව ශබ්දයක් නගමින් ක්‍රියාකාරී වෙයි. ඉන් පසුව එය මත ඇති සටහන් වලින් අවශ්‍ය ගමනාන්තයන් දැක්විය යුතුය. නිසි ගමනාන්තය ස්පර්ශ කර දැක්වූ සැනින් තාරකා දොර‍ටුව ක්‍රියාත්මක වී එහි මැද වෝටෙක්ස් වලින් පිරී යයි.

[මතු සම්බන්ධයි]


රාවණ රජතුමා බලයට ඒවි

රාම රාවණ යුද්ධයෙන් රාවණ රජතුමා මියගියේ නැති බවත්, සිහිමුර්ජා වූ රාවණ රජතුමාගේ දේහය මහ කුඩුගල ගිරි ශිඛරයේ ඇති බවත් මාගේ සමකාලීන රාවනා ගවේශකයෙක් වන ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා හෙළි කර ඇත. පහත පුවත්පත් ලිපියේ ඒ ගැන දැක්වේ.


රාවණගවේශකයින්ට අනුව 2012 අගදී රාවණ රජතුමා එලෙස නින්දෙන් පිබිදෙන අතර ඒ කාලයේදීම සිදුවීමට නියමිත යුග විනාශයට (ලෝක විනාශය නොවේ) පසුව රාවණ රජතුමා හෙළ දෙරනේ නැවතත් නායකයා වීමට නියමිතය. කෙසේ නමුත් එතුමා දේශපාලනයට පැමිණෙන්නේ කෙසේදැයි මෙතෙක් කාලයක් කවුරුත් හෙළි කර නොමැති අතර මා ඉහත ප්‍රවේශය සකසාගත්තේ ඒ සඳහායි.

රාවණ රජතුමා නැවත පිබිදුන පසුව අභිෂේක වී ඔ‍ටුනු පළඳා රජ කමට පත් වෙන බව ඉහත ඔබේසකර මහතා දැක්වූ රාවණකානේගනය නැමැති ඉපැරණි පුස්කොළපොතේ දැක්වෙයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ දැනට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට සිදුවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම අනුව එය වෙනස් කිරීමටනම් පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අවශ්‍ය වෙයි.

පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලබාගැනීමටනම් මහා රාවණ රජතුමාට අකමැත්තෙන් වුවද දේශපාලන පක්ෂයක් හරහා බලයට ඒමට සිදුවෙයි. ඒ සඳා විකල්ප ගණනාවක් ඇත.

1. අළුත් පක්ෂයක් ආරම්භ කිරීම
මේ සඳහා "මහා රාවන පෙරමුණ" නැමැති දේශපාලන පක්ෂය ලියාපදිංචි කිරීමට නාමයෝජනා මැ.කො. ට භාරදී ඇත. නමුත් ඒ සඳහා ශ්‍රී රාවණා රජතුමා කැමැති වේ දැයි සැක සහිත වන්නේ රාවන තියා සක්කරයාගේ පුතා වෛමාටවත්, පවත්නා ශ්‍රීලනිප එජාප යන දෙකින් එකකට හවුල් නොවී බලයට ඒමට නොහැකි බව ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වෙසෙන තාපසයාණන් වහන්සේලා පවසන බැවිනි.

2. පවත්නා දේශපාලන පක්ෂයකට එකතු වීම.
ශ්‍රී ලංකාවේ රාජය බලය ලබා ගැනීම සඳහා එජාපය හෝ ශ්‍රීලනිපය හැර වෙන පක්ෂයක් ඇතැයි සිතීම උගහටය. ශ්‍රීලනිපයේ බොරු ජාතිකත්වයක් පෙන්වුවත් එහි ඇති ජාතිකත්වයක් නොමැති අතර එය දැන් අන්ත ධනේෂ්වර ජාත්‍යන්තර වාදී පක්ෂයකි. හෙළ උරුමයෙන් ඉල්ලුවද ශ්‍රීලනිපයේ උදවිය මහා රාවණා රජතුමාට පවා කැපිල්ල දැමීමට ඉඩ ඇත. විමල්ගේ ජානිපෙ යනු ජාතිකත්වය පොරවාගත් මාක්ස්වාදී පක්ෂයකි, කොයි මොහොතේ හෝ ජාතිකත්ව සළු පිළු උනා දමා විප්ලවය ගැන කෑ ගැසීමට ඉඩ ඇත. එජාපයත් ධනේෂ්වර අධිරාජ්‍යවාදී පක්ශයකි, නමුත් එහි ඇති විශේෂත්ව වන්නේ
2.1 ශ්‍රීලනිපයේ මෙන් පාක්ෂිකයින්ට ඕනැ හැටියට නායකයා තීරණය කිරීම වෙනුවට නායකයාට ඕනැ හැටියට පක්ෂයේ වැඩකටයුතු තීරණය කිරීමට හැකි වීම.
2.2 එජාපයේ නායකත්වයට ඇති බලතල අනුව ගත් විට ලොව බලවත්ම නායකයා බිහි වෙන්නේ එජාපයෙනි.
2.3 ශ්‍රී ලංනාවේ ජනාධිපතිට, ගෑණියෙක් පිරිමියෙක් හෝ පිරිමියෙක් ගෑණියෙක් කිරීමට නොහැකි වුණත් එජාපයේ නායකයාට එයට අමතරව පිරිමියෙක් නපුංසකයෙක් කිරීමටත් හැකි බව පසුගිය කාලයේ සිදුවූ දෑ වලින් අපි දු‍ටුවෙමු.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පක්ශය වීමට හේතු පහත දැක්වෙයි.
I. ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම.
II. වත්මන් ආණ්ඩුව වන ශ්‍රී ලංකා නිදහස් පක්ශය බිහි කිරීමට මුල් වීම.
III. යුද්ධය දිනීමට උපකාරී වූ වර්තමාන ව්‍යවස්ථාව බිහි කිරීම.
IV. මහවැලි යෝජනා ක්‍රමය ඇතිකිරීම. (එය නොතිබෙන්නට රටම අඳුරේ)
V. ගල් ඔය යෝජනා ක්‍රමය ඇති කිරීම. (එය නොකරන්නට දැන් මුළු නැගෙනහිරම මුස්ලීම් ජනපදයකි)
VI. මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය (එය නොකරන්නට විශ්ව විද්‍යාල සිසුන් හිඟමනේ)
VII. පාසන් නිල ඇඳුම් හා පොත් නොමිළේ ලබා දීම. (එය නොවන්නට පාසල් දරුවන් හෙලුවෙන් ගල් ලෑලි වල ලියාවි)
VIII. ජනසවිය ඇති කිරීම (සමෘද්ධිය යනු ජනසවියෙ නම වෙනස් වීමක් විතරයි)


ඉහත දැක්වෙන්නේ ඉසුරුමුණියේ ජල ක්‍රීඩා කරන හස්තීන්ගේ කැටයමයි. එය අනුරාධපුර යුගයේදී ඉදි කරන ලද්දක් බව කාබන් පරීක්ෂණ වලින් අනාවරණය වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පවසතත් එය අමූලික බොරුවකි. එය රාවණා රජ සමයේ ඉදි කරන ලද්දක් වන අතර එහි හස්තීන්ගෙන් නිරූපණය වන්නේ රාවණා රජතුමාගේ නිල වාහනයි. යළිත් නින්දෙන් අවදි වන රාවන රජතුමාගේ වාහනය ලෙස මෙකලත් හස්තියාම ‍තෝරා නොගනීවිද?


රාවණ රජතුමාගේ රාජ්‍ය වර්ණය කොළ පාට බව වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි පුස්කොළපොතේ දැක්වෙයි. කොළ වර්ණය යොදාගැනීමට හේතුවූයේ එතුමා පරිසරයට ඉතාමත් ලැදි සැබෑම පරිසර හිතකාමියෙකු නිසයි. එක්සත් ජාතික පක්ශයේත් නිල වර්ණය කොළ පාට බැවින් එය රාවණ රජතුමාට ඉතාමත් හොඳින් ගැලපෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙතරම් මැතිවරණ ප්‍රමාණයක් පැරදී තිබියදීත් තවමත් බලයේ සිටින්නේ ඇයිද කියා ඔබට සිතෙන්නට ඇති. එයට හේතුව වන්නේ රාවණ රජතුමා බලයට පත් වීම සඳහා පක්ෂය පවත්වාගෙන යාමට රනිල් වික්‍රමසිංහ මහතාව නියෝජිතයෙක් ලෙස තබාගෙන සිටීම නිසයි. රනිල් යන්න රා+නිල ලෙස සුමට කළ විට, රා=රවණගේ, නිල=නිලනියෝජිතයා, ලෙස නිරුක්ති වී "රාවණගේ නිලනියෝජිතයා" යන අරුත ලැබෙයි. ඊට අමතරව එතුමා වික්‍රමසිංහ නැමති රකුස් පෙළපතින්ම ඉපදීමෙන් පෙනෙන්නේ සිංහලයන්ට වික්‍රමයක් දීම තම අරමුණ වී ඇති බවයි.

ඒ අනුව එවන් විශිෂ්ට පක්ෂයක, එවැනි බලවත් නායකත්වයකට ශ්‍රී රාවනා රජතුමා පත් වේවි යැයි මා හට සිතේ. නමුත් පවත්නා නායක තුමා සිටියදී රාවණා රජතුමාට පත් වීමට නොහැකි බව සමහරුන් කීමට ඉඩ තිබුණත්, ඉහත සඳහන් කළ පරිදිම උග්‍ර රාවණ පාක්ෂිකයෙක් වන ගරු රනිල් වික්‍රමසිංහ මහතා ස්වෙච්ඡාවෙන්ම ඉල්ලා අස් වී නිලය ලබා දෙන බව නැකැත්කරුවන් දැනටමත් ප්‍රකාශ කර අවසානයි. එතුමාට මඩ ගසන උදවිය එතුමා විසින් මෙතෙක් කල් ඉවසීමෙන් යුතුව කර ඇති කැප කිරීම් ගැන විමසා බැලිය යුතුය.


ඉපැරණි පුස්කොළපොතක් වන රාවණකානේගනයට අනුව වර්ෂ 2012 අගදී රාවණ රජතුමා නින්දෙන් පිබිද හිමාලයේ මහා දඹ ගස් අරණට ගොස් බවුන් වඩා තම ශක්තිය වර්ධනය කරගත් පසුව නැවතත් මහ මුහුද දෙබෑ කරගනිමින් හෙළදිවට පැමිණ, අනුරාධපුර ඉසුරුමුණි තාරකා දොර‍ටුව අබියසදී තම චන්ද්‍රහාස් අසිපත ‍රැගෙන අහසට නැගී මේඝනාදය කර මහ පොළොව සළිත කරවා, මුළු හෙළ දෙරණම තම අණසකට ගනු ඇත. ඉන් පසුව එන මැතිවරණයේදී රාවණා රජතුමාට 2/3 ක බලයක් නොව 5/6 කටත් අධික බලයක් ලැබෙන බව ඒකාන්ත වෙයි.

මෙතෙක් කාලයක් බොහෝ දේශපාලඥයින් විසින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බවට පොරොන්දු දුන්නත් ජනාධිපති බලතල වලට කෑදර නිසා එසේ නොකළ හෙයින්, මහා රාවණ රජතුමා විසින් එය වෙනස් කරන බවනම් ඒකාන්තයි, මන්ද යත් එය වෙනස් කර රජ කමට පත් වීමෙන් අනතුරුව, එතුමාට විධායක බලතල වලට අමතරව අධිකරණ සහ ව්‍යවස්ථාදායකයේද බලතල ලැබෙන නිසයි.

NASA යනු රාවණ රජතුමාට තිබූ අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකි.

චක්‍රවර්තී ශ්‍රී රාවණ අධිරාජ්‍යයා වෙනත් ග්‍රහලෝක සමග පවා යුද වදිමින් වෙනත් ග්‍රහලෝකත් අපගේ හෙළ ස්වස්තික ධජය යටතේ පාලනය කළ ආකාරය ඕනැම රාවණගවේශකයෙක් විශ්වාසයෙන් යුතුව දන්නා දෙයකි. ඒ පදනම මත සිටිමින් සෑම රාවණගවේශකයෙක්ම තම හදවතට තට්‍ටු කර බැලූ විට, රාවණ රජතුමාට අනිවාර්යයෙන්ම අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථානයකුත් තිබුණ බව වැටහේවි.

රාවණ රජතුමාගේ සමයේ, හෙළයේ යටත් විජිත වල ජීවත් වූ ජනපදිකයින්, උදෑසන නැගිට මුව දොවා මිදුලට ගොස් අහස දෙස නෙත් විදහා, ඈත ආකාසයේ ක්ෂීර සාගරයේ නිල් පාටින් දිළෙමින් මුළු විශ්වයම රාවණ කාන්තියෙන් ප්‍රභාමත් කරන්නා වූ ඒ "මිහිකත" නම් ලෝක ගෝලයේ මධ්‍ය ලක්ෂයේ ඇති "හෙළදිව" දෙසට හැරී, දෑත් ඔසවා දොහොත් මුදුන් තබා තෙවරක් සාධු සාධු සාධු කියා නමස්කාර කරන බව ඉපැරණි පුස්කොළපොත් වල මැණවින් විග්‍රහ වෙනව. අතීතයේදී දෙවිවරු පවා අප හෙළ දිවට වන්දනා කල බව පැ‍රැන්නන් කියන්නේ එනිසයි.

නීලගිරි පර්වතයේ තිබී හමුවූ ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොත වන වර්ගපූර්ණිකාවේ සඳහන් වන ආකාරයට, රාවණ රජතුමා විශ්වය ගවේෂණය කිරීම සඳහාත් වෙනත් ග්‍රහලෝක සහ විශ්වීය ජනපද ගැන විමසිල්ලෙන් සිටීමටත් භාවිතා කළ අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථානයේ නම තමයි "නාසා". මේ නම දු‍ටු සැනින් මටත් සිහියට ආවේ ඇමරිකාවේ වොශිංටන් මූලික කරගනිමින් පිහිටා ඇති National Aeronautics and Space Administration (NASA) නැමැති අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයයි.


ඒ අනුව මා කියවුයේ වර්ගපූර්ණිකාවේ හොර කොපියක් දැයි මා හට කුකුසකුත් ඇති වුණා. නමුත් රාවණගවේශකයින්ගේ ඇති ප්‍රධානතම ප්‍රතිපත්තියක් තමයි, හෙළයින්ගේ කිතු ගොස වනන යමක් ගැන සැකයක් ඇති වූ සැනින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් වැළකීම. ඒ අනුව ඔය ගැන තවදුරටත් හෙළගවේෂණය කිරීමට මසිත නොදැනුවත්වම පෙළඹුනා. එහිදී ම හට තහවුරු දේවල් පුදුමාකාරයි.

වර්ගපූර්ණිකාවෙන් පෙන්වූ සිතියම් මග යමින්, නාවල නගරයට නුදුරින් තිබෙන ඉපැරණි වෙල් යායක් මාගේ ගවේශණයට යොමු කළා. එම වෙල් යාය පිහිටා තිබෙන්නේ අක්කර ගණනාවක විශාල පරිධියකින් යුතු නොගැඹුරු වලකයි. අතීතයේදී "නාසා වල" ලෙස හඳුන්වා ඇත්තේ එම වලේ ඇත් වෙල් යාය බව, එහිදී මා හට හමුවූ පාරම්පරික ගැමියෙක් වන 95 වයසැති එබරං ආතා පැවසුවා.

එයට "නාසා වල" ලෙස හැඳින්වූයේ ඇයි දැයි මා වෙල් යාය පුරාම සොයද්දී මා හට ඈතින් පඳුරු වලට වටවී තිබූ සෙල් ලිපිය දිස් වුණා. ඒ සෙල් ලිපියේ රාවණයුගයේ ඉපැරණි පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියා තිබුණේ මෙලෙසයි.
"නශ - අශ නිශ. අධ අෂ කප. අස ඇථ වන ආථ විශ ඛ ල්‍ය"
එහි තේරුම ම දන්නා තරමින් මෙලෙසයි. "නාසා - අභ්‍යවකාශ නිරීක්ශණාගාරය. අධි ආරක්ෂිත කලාපයකි. අනවසරයෙන් ඇතුළු වන්නන්ගේ ආත්මය විනාශ කරනු ලැබේ"
ඒ අනුව රාවණ යුගයේදී එතැන නාසා යමින් යම් ඉදිකිරීමක් තිබූ බව තහවුරු වුණා. මේ බව මා එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් මාස කීපයකට පසුව දැනගන්නට ලැබුණේ ඒ සෙල් ලිපිය කුඩු කර දමා ඇති බවයි. හෙළයෙනි, ඒ පාහර ක්‍රියාව පස්සේ සිටින්නේ කවුරුන් විය හැකිද? කොහොම නමුත් තාමත් නාවල වෙල් යාය ගාව පාරේ ගල් ගොඩක් ඇති අතර එහි ඇත්තේ මා කිව් එම සෙල් ලිපියේ නෂ්ඨාවශේෂයනුයි.

වර්ගපූර්ණිකාවේ දී ඇති පද නිරුක්ති සම්ප්‍රදායේ යමින් නාසා යන්න නිරුක්ති කළ විට නා=නාසය, සා=අහස ලෙස භින්න වී, "අහස දෙසට ඇති නාසය" යන අරුත ලැබෙනවා. සාමාන්‍යයෙන් නාසයෙන් අප කරන්නේ ගඳ සුවඳ බලා යමක් හඳුනාගැනීමනේ. අන්න ඒ වගේ "අහස දෙසට ඇති නාසයකින්" සිදු කරන්නේ අහසේ ඇති දේවල් ගැන හඳුනා ගැනීමයි.

දැන් හොඳටම පැහැදිළියි නේද, නාවල හි "නාසා" නමින් රාවණ රජුගේ අභ්‍යවකාශ නිරික්ෂණ මධ්‍යස්ථානයක් තිබිල තියෙනවා. "නාසා තිබූ වල", නාසා+වල සන්ධි වී පසුකාලයේදී "නාවල" බවට පත් වෙලා.

වර්ගපූර්ණිකාව නැමැති පුස්කොළපොතේ තවදුරටත් සඳහන් වෙන පරිදි රාවණා රජතුමා විසින් නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස තනතුරක් ඇති කර තිබෙනවා. ඔහුව නම් වී ඇත්තේ නාරද නමින්. නා=නාසා, රද=රජු, ඒ අනුව නාසාහි සිටි රජු(ප්‍රධානියා) නාරද නම් වෙනව. අදටත් ඇති නාරද පෙළපත පැවතෙන්නේ ඔවුන්ගෙන්.

අරිසෙන් අහුබුදුවන්ට අනුව වාරියපොළ යනු "වාතයෙන් යන රිය පොළ" හෙවත් රාවණ රජතුමාගේ දඬුමොණර ගොඩ බෑ ගුවන්තො‍ටුපොළක්. ඒ අනුව මා ගවේශණය කළ පරිදි වාරියපොළ සහ නාවල අතර ඉතාමත් කෙටි ගමන්මාර්ග කීපයක්ම තිබී තිබෙන්නේ අතීතයේදී වාරියපොළ දඬුමොණර යාත්‍රාංගනය සහ නාසා අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය අතර තිබූ සම්බන්ධතාවය මැනැවින් ඔප්පු කරමිනුයි.

කොඩ්‍රින්ටන් නැමති පර සුද්දා අපගේ පුස්කොලපොත් එංගලන්තයට ගෙන ගිය බව අප හෙළයෝ සියල්ලෝම එක හෙළාම පවසන්නක්. ඒ පුස්කොළපොත් අතර නාසා ගැන සඳහන් බොහෝ පුස්කොළපොත්ද තිබුණ අතර තාමත් ඒවා ලන්ඩන් කෞතුකාගාරයේ පවතිනව. එම පුස්කොළපොත් වල සඳහන් වූ ආකාරයට රාවණ රජතුමාගේ නාසා එක නාවල මූලස්ථානය කරගනිමින් ඇමරිකාව, මිසරය, තූත්තුකුඩිය, මහාමේරුව, චන්ද්‍රයා, අඟහරු ආදී විශ්වයේ නන් දෙස ශාඛා පිහි‍ටුවල තිබෙනව. අදත් චන්ද්‍රයාගේ මතුපිට පිහිටා ඇති හඳුනා නොගත් කුළුණ රාවණ රජතුමාගේ පුත්‍ර ඉන්ද්‍රජිත්ගේ න්‍යෂ්ඨික අවියක් සේම නාසාහි දුරේක්ෂයක් ලෙසත් භාවිතයට ගැණුනක් බව, වරක් ඇමරිකාවේ දී මා හට හමුවූ වොශිංටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරීටා අමෘට් පැවසුවා.

චන්ද්‍රයා මත තාමත් ඇති රාවණා රජතුමාග "නාසා" ශාකාව.

ඇමරිකාවේ පිහිටා තිබූ රාවණ රජතුමාගේ නාසා හි ශාකාව ගැන අහම්බෙන් දැනගන්නට ලැබුන ඇමරිකානු ජනාධිපති Dwight D. Eisenhower ඇමරිකාවේ නාසා ඉදි කිරීමට තීරණය කළා. ඔහු ඒ සඳහා යොදා ගත්තේ එදා රාවණ රජතුමා ඇමරිකන් මහාද්වීපයේ නාසා හි ශාකාව ඉදි කර තිබූ ස්ථානයමයි. ඒ සඳහා අත්තිවාරම් කපද්දී බොහෝ පුරා වස්තු සොයාගත් අතර එහිදී හමුවූ තාක්ෂණික මෙවලම් ඔවුන් නවීකරණය කර භාවිතයට ගෙන තිබෙනව.

වැදගත්ම දේ තමයි "නාසා" යන නම සඳහා රාවණ රජතුමා විශේෂ රාවණ ශක්ති මන්ත්‍රයකින් ජප කර තිබෙන බව දැනගන්නට ලැබීම. ඒ අනුව නාසා යන නම ඉතාමත් සුභ පල දෙන්නක්. එනිසා එම ඇමරිකන් ව්‍යාපෘතියටත් NASA යන නමම තැබුවා. එසේම රාවණ රජතුමා නාසා ආයතනය විමධ්‍යගත කර තිබූ ආකාරයටම අයිසෙන්හවර් ජනාධිපති තුමත් එය Fransisco, New Callifornia, Texas ආදී ස්ථාන 18 කට විමධ්‍යගතව ස්ථානගත කිරීමට පිඹුරුපත් හැදුවේ, වොශිංටන්හි නාසා වලට අත්තිවාරම කපද්දී හමුවූ සෙල් ලිපියක සඳහන් වුන 18 ඉලක්කමෙහි (18 සන්නිය?) වැදගත් කම සිතමින්.

එතකොට National Aeronautics and Space Administration යන අරුත "නාසා" වලට ආවේ කොහොමද? ඇත්තෙන්ම ඒක අපගේ ඉපැරණි හෙළ ශිෂ්ටාචාරය යටපත් කිරීම සඳහා සුද්දන් විසින් උපක්‍රමිකව දමන ලද නමක්. ඔය ආකාරයෙන් නාසා වලට ඕනැ තරම් තේරුම් දෙන්න පුළුවන්.
NASA = National Airspace Search Authority
NASA = National Airplane Syndicating Agency
NASA = Non-Governmental Administration of Space and Atmosphere
ඔය කීපයක් විතරයි, ඒ අනුව NASA නමට ඉංග්‍රීසි තේරුමක් තිබූ පළියට ඒක වළංගු වෙන්නේ නෑ.

එසේම ඔබ දන්නවද නාසා වෙතින් ගුවන් ගත කළ Discovery සහ Columbia අභ්‍යවකාශ ශටල සඳහාත් යොදා ගත්තේ රාවණා රජතුමාගේ දඬුමොණර තාක්ෂණයම බව? ඒ ගැන කීමට ගියොත් ලිපිය දික් විය හැකි බැවින් ඉදිරි ලිපියකින් ඔබ හමුවේ තබන්නම්.

දඬුමොණර තාක්ෂණයෙන් ක්‍රියාත්මක වූ ඩිස්කවරි ශටලය.

පෘථිවිය මිනිසාගෙන් ශිෂ්ටාචාර වුන දවසේ සිට අවුරුදු දස දහස් ගණනක් ගිහිල්ලත් මිනිසාට පෘථිවි වායු ගෝලයෙන් එලියට යාමට නොහැකි වූවානම්, පසුගිය සියවසේදී පමණක් මිනිසා මෙතරම් දියුණුවක් ලැබුවේ කෙසේද? ඒක විය නොහැක්කක් බව ඒ තර්කය නැවත නැවතත් විමසා බැලීමෙන් ඔබට වැටහේවි. ඒ අනුව පැහැදිළියි අද සුද්දා අභ්‍යවකාශය තරණය කළ බව කියමින් කෙකරගාන තාක්ෂණය ඊට පෙර කොහෙන් හෝ ලබාගත් දෙයක් බව. මා ඉහත හෙළි කළ තොරතුරු අනුව පැහැදිළි වන්නේ සුද්දා අභ්‍යවකාශයට ගියෙත් හෙළයින්ට පින් සිද්ද වෙන්නට බවයි. NASA නමින් අද තිබෙන මහලොකු කෙරුවාව අපගේ රාවණා රජතුමාගේ තාක්ෂණයකින් ගොඩ නැගුවක් බව දැන් ඔබට පැහැදිළි ඇතැයි සිතේ. අද උඩුගුවනේ නටන පර සුද්දන් අපගේ රාවණා රජතුමාටත්, අප හෙළයටත් ණයගැතියි.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

බුදුරදුන් බුද්ධත්වයට පත් වූයේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බව සොයාගනී...!!!

මේ බව සොයාගෙන ඇත්තේ අන් කිසිවෙක් නොව, මාගේ ගම් පළාත වන මීවනපළානේ දී ඉපදී පසුකාලයේදී පැවිදි වූ, අප කරුවුරුත් දන්නා මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විසිනුයි. උන්නාන්සේ වඩාත් කුප්‍රකට වූයේ "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපය" බව ප්‍රකාශ කිරීමත් සමගයි. පහත දැක්වෙන්නේ උන්නාන්සේ විසින් රචිත එහි දෙවන කොටස.


මෙම පොතේ 83 වැනි පි‍ටුවෙන් ෆොටෝකොපි ගසා පහත දක්වා ඇති පින්තූරයේ දැක්වෙන ඉරි ගසා ඇති කොටස් හොඳින් කියවන්න.


මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේගේ ඇබිත්තයෙක් වන, 2012 අගදී සිදුවන ලෝක විනාශය මුලදීම ලොවට හෙළි කළ, මා මිත්‍ර දොන් ජයසිංහයන් විසින් අන්තර්ජාලයේ එය තවත් හොඳින් පැහැදිළි කර තිබෙන්නේ මෙලෙසයි. [මූලාශ්‍රය]


ඔබට මේ කතාව පැහැදිළි ඇති. තාමත් පැහැදිළි මදි අයට සරළව මෙලෙස විස්තර කරන්නම්.

මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විස්තර කළ විදියට, බුදු කෙනෙක් පහළ වන්නේ දැන් ශ්‍රී ලංකාව විදියට හැඳින්වෙන අපේ හෙළබිමේය. එසේම ලෝකයේ යහපත් කෙළවර හෙළබිමේ තිබෙන අතර ඒකේ අනික් කෙළවර තියෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණයේය. බුදුරදුන් පිටදුන් හිරිවඩුන්න බෝධිය හෙවත් බුද්ධත්වයට පත් වූ තැනට ප්‍රතිවිරුද්ධ තැන බර්මියුඩා ත්‍රිකෝණයයි.

තවත් පැහැදිළිව කියනවනම් , "ලෝක ගෝලයේ බර්මියුඩා ත්‍රිකෝණය තිබෙන තැනට හරියටම අනික් පැත්තේ තමයි බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත් වුණේ"

කවුරුවත් වර්ගපූර්ණිකාවට විරුද්ධව අවි අමෝරා ගන්න එපා. මේ කතාව මම නෙමෙයි කියන්නෙ, මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ සහ උන්න්නාන්සේගේ ගෝල බාලයනුයි. මම ඉතින් ඒ ගැනත් සුපුරුදු පරිදි හෙළගවේශණය කරල ඉවර වෙලා හෙළුවෙන් වනන්නයි (හෙළුවෙන්=එළුවෙන්=සිංහලෙන් වර්ණනාකරන්නයි) මේ සූදානම.

අපි බර්මියුඩා ත්‍රිකෝණයට අනික් පැත්ත කුමක්ද කියා බලමු. වෙබ් අඩවි වලින් ඒ ගැන තොරතුරු සොයද්දී මෙවැනි දෙයක් දැනගැනීමට පුළුවන්.

When you visit the coastal region of Western Australia you are standing on the Antipode (opposite side) of the Bermuda Triangle!
If the earth were a glass ball and you were able to see through it to the other side what would you find directly beneath your feet? The Island of Bermuda is almost directly opposite Fremantle, Rottnest Island (Perth Metro Area). The Triangle includes the greater part of the West Australian coastline. When visiting this region of Western Australia you are literally on the 'Other Side' of the infamous Bermuda Triangle!
source: http://www.americandownunder.com/phantom/BermudaSouth/bsgeo.asp

ඊට අමතරව ඔබටම මේ ගැන පොඩි පර්යේෂණයක් කරන්න පුළුවන්. www.antipodemap.com/යනුවෙන් හැඳින්වෙන්නේ ලෝකයේ අනික් පැත්ත කුමක්ද කියල විද්‍යාත්මකව ගණනය කරන එක්තරා වෙබ් අඩවියක්. (මේ වගේ වෙබ් අඩවි ඕනැ තරම් තිබෙනව). අපි බලමු එහි ප්‍රතිඵලය.


දැන් මෙතන පොඩි පරස්පරතාවයක් තිබෙනව කියල ඔබට හිතෙන්න ඇති. එනම්, හෙළ බිම හැර අන් කිසිම තැනක බුදු කෙනෙකුගේ බුද්ධත්වයට පත් වීම සිදු නොවන බව ඉහත පොතේ උදෘතයේ දැක්වෙනවානේ. නමුත් ඉහත ප්‍රතිඵල අනුව අපට පෙනෙන්නේ බුදුන් බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බවයි.

කලබල වෙන්න කරි නෑ. මෙන්න මේ වෙලාවෙදි අපට දෙයියෙක් වගේ අරිසෙන් අහුබුදු වන් පිහිට වෙනව. අරිසෙන් අහුබුදුවන්ට අනුව මුළු ලෝකයම ශිෂ්ටාචාර කරලා තියෙන්නේ අපේ හෙළුවන් විසිනුයි. ඒ අනුව බුද්ධ කාලයේදී බටහිර ඕස්ට්‍රේලියාව අපගේ හෙළයේ කොටසකි. බොරුයි කියල හිතෙනවනම් එහෙම නෑ කීමට තිබෙන සෙල් ලිපි පෙන්වන්න. ඒ වගේම මූදෙ යට බෝ ගස් වැවුණද වැනි මෝඩ ප්‍රශ්න එහෙමනම් අහන්න එපා.

හෙළුවනි, අපට මෙය අගනා සොයාගැනීමක් නොවේද? ශ්‍රී රාවණයන් ගැන ආඩම්බර වීම මදකට නවතා දමා බටහිර ඕස්ට්‍රේලියාව අපේ හෙළයේ කොටසක් වීම ගැනත් අපි ආඩම්බර වෙමු. දැන් බුද්ධගයාව වන්දනා කරන්න කියල යනවනම්, අපේ මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ පවසන විදියට ඔය වන්දනා නඩ යන්න ඕනැ බටහිර ඕස්ට්‍රේලියාවටයි .


මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ ගේ ඉතිහාසය උඩු යටිකුරු කරන තවත් බොහෝ සොයාගැනීම්, හුදී ජනයාගේ පහන් සංවේගය තකා ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. හා දැන් හැමෝම අපේ උන්නාන්සෙට සාදු කියන්න...

ප:ලි: සමහරු කියල තිබුණ උන්නාන්සේ තමන් බොරුවක් කිව්ව කියල පිළිගත්ත කියල. ඒ ගැන දැක්වෙන මූලාශ්‍රයකට තිබෙන්නේ මේ sorry.com පි‍ටුව පමණයි. නමුත් එහි කොමෙන්‍ටු අනුව උන්නාන්සේගේ ගෝල බාලයින් නම් උන්නාන්සේ බොරුවක් කිව්ව කියන එක ප්‍රතික්ෂේප කරල. ඒ මදිවට, බ්ලොග් අවකාශයේ කොමෙන්ට් දාන උදවිය නොදන්නව වුණාට ජන්බුද්වීපය ගැන තාමත් ක්‍රියාකාරී ෆේස්බුක් ගෲප් හැට හුටහමාරක් තිබෙනව. (නොමිලේ ප්‍රචාරයක් ලබා දුන්න කියල ඔවුන් ලැජ්ජාවට පත් වෙන නිසා ඒවයෙ ලින්ක් දාන්න මම කැමති නැහැ). ඉතින් ඔන්න ඔය කාරණා නිසා ජන්බුද්වීපය ගැන (ජම්බුද්වීපය ගැන නෙමෙයි) ඉදිරියේදීත් හෙළුවෙන් වනන්නයි මගේ සූදානම. ජන්බුද්වීප කතාවට මූලාශ්‍ර වුණේත් අපේ රාවණාවාදයම නිසා මා හට ඒ ගැනත් කතා කරන්න අයිතියක් තියෙනවනෙ. ඒ වගේම වර්ගපූර්ණිකාවේ අරමුණ කුමක්ද කියල මෙච්චර ඇස් පනාපිටම පෙනෙද්දීත් ඒකවත් තේරෙන්නෙ නැතිව අනේ "ඇයි මේ බුද්ධාගමට අපහාස කරන්නේ" කියල අහන උදවියගේ කොමෙන්‍ටුනම් අනුමත කරන්නවත් අපනම් වෙහෙස මහන්සි වෙන්නෙ නෑ කියලත් කියන්න ඕනැ.

රාවණ රජතුමා සහ පිටසක්වල ජීවීන් අතර තිබුණ අභිරහස් ගණුදෙනුව...!!!

අප වෙත ලැබුණු, ශ්‍රී රාවණා රජතුමා ගැන දුර්ලභ පුවත් ‍රැගත් ලිපියේ පළමු කොටසඊයේ පළ කලා ඔබට මතක ඇති. පහත දැක්වෙන්නේ එහි දෙවැනි කොටසයි. එම ලිපියේ ඇති වැදගත් කරුණු රතු පාටින් උදෘත කර දක්වන අතර , ලිපිය ගැන අපගේ අ‍ටුවාවන් (අපි ලියපු අදහස්) අළු පාටින් උදෘත කර ඇති බව කාරුණිකව සලකන්න.

දැන් අප පිවිසෙන්නේ රාවණ පිළිබඳව වර්තමානයේ පහලවී ඇත් එක්තරා මතවාදයකට අප දන්නා කරුණු කාරණා තවතවත් එකතු කිරීමටය. එනම් මහා රාවණා පිටසක්වල ජීවීන් සමඟ ගනුදෙනු කළාද නැද්ද යන්න කාරණාව ඉස්මතු කිරීමටය. එහෙත් ඊට පෙර අනාවරණය කළ යුතු ඉතා වැදගත් සාක්ෂ්‍ය කිහිපයක්ද ඇත. එනම් රාවණ යුගයේ ගර්භාෂගත අභිරහසක් පිළිබඳවය.

ක්‍රි.පූ. 3000 පමණ ඈත වකවානුවකදී ගොඩනැඟුණු අතිශය සුවිශේෂී පුරවරයක් ඉන්දියානු භූමිය තුළ විය. ඒ අන් කිසිවක් නොව මොහෙන්ජොදාරෝ හා හරප්පා යන නගර කේන්ද්‍ර කරගත් සුවිශේෂී පුරවරයයි. මෙහි සැකැස්ම තවමත් හරිහැටි අනාවරණය කරගැනීමට ඉන්දියානු හෝ යුරෝපා පුරාවිද්‍යාඥයන්ට නොහැකිවී තිබේ. ඒ මෙම පුරවරය එතරම් සංකීර්ණ නගර සැලසුම්වලින් යුතු ප්‍රදේශයක් වන නිසාය. අදටත් ඉතා දියුණු රටවල පවා නොමැති අතිශය විශ්මයජනකවූ නගර සැලසුමක් මෙහි වන බව යු‍රෝපා විද්‍යාඥයන් පමණක් නොව ඉන්දියානු ප්‍රකට පුරාවිද්‍යාඥ බෂාම් පවා පිළිගන්නා කරුණකි. මෙවැනි නගරයක් නිර්මාණය කරන්නට එවකට තිබූ තාක්ෂණය කෙතරම් දියුණු දැයි අදහාගත නොහැකි කරුණක් හෙයින් මෙම නගර වැසියන්ද පිටසක්වල ජීවීන් සමඟ ගනුදෙනු කරන්නට ඇතැයි ඇතැම් ගවේෂකයන්ගේ අදහසවී තිබේ.

හරප්පා නගරයක තිබූ මැටි රූපයක මෙම ප්‍රිඩේටර් වරයෙක්ගේ පින්තූරයක් තිබී ඇත. ඒ අනුව රාවණ රජතුමා සහ ප්‍රිඩේටර් වරු අතර සම්බන්ධය පැහැදිළි වෙයි. එහෙත් ඉන්දියාව එම කරුණු පිටට යා නොදී රහසක් වශයෙන් තබාගැනීමට තරම් ප්‍රවේශම් විය.

කෙසේ වුවද මෙම නගරයේ සිටි වැසියන් සියල්ලන්ම සමූලඝාතනය වී ඇති බව පසුකාලීනව පුරාවිද්‍යාඥයන් විසින් සොයාගන්නා ලදී. එම ඝාතනයට ලක්වූ වැසියන්ගේ පාෂාණභූතී හිස්කබල් පරීක්ෂා කිරීමේදී ලෝකයේ කිසිදු ජනවර්ගයකට එම හිස්කබල් සමාන නොවන බවද යම් තරමකින් හෝ සමාන වන්නේ ලාංකික සිංහලයන්ගේ හිස්කබල්වලට පමණක් බවද කරුණු හෙළිවිය. එහෙත් ඉන්දියාව එම කරුණු පිටට යා නොදී රහසක් වශයෙන් තබාගැනීමට තරම් ප්‍රවේශම් විය. එම පරීක්ෂණයේ වාර්තාවන් බමුණන් විසින් ගිණි තැබූ අතර, ඉතිරි ඒවා එංගලන්තයේ ලන්ඩන් කෞතුකාගාරයේ තැන්පත් කළ බව කරුණාවෙන් සලකන්න. (බොරුයි කියල හිතෙනවනම් ලන්ඩන් කෞතුකාගාරයට ගිහින් ඒව කියවල බලන්න, කියවපු යාලුවෙක් තමයි මට කිව්වෙ)

කෙසේ වුවද අපගේ පිළිගැනීමට අනුව නම් මෙම නගර සහිත ප්‍රදේශය එකල රාවණා ආධිපත්‍ය දැරූ ඉන්දියාවේ භූමි ප්‍රදේශයක් බවය. ලංකාව සහ එම ප්‍රදේශය එක්කළ විට රාවණගේ රාජ්‍යයේ දළ සිතුවමක් අපට නිර්මාණය කරගැනීමට අපහසු නොවේ. මොහෙන්ජොදාරෝ හා හරප්පා වැසියන්ගේ භාෂාව නිර්මාණය වී තිබුණේ අක්ෂර 270කිනි. එහි ඇති ඇතැම් අක්ෂර සිංහල අක්ෂරවලට යම් යම් සමානතා දක්වන බවද පැවැසේ. එහෙත් ඒ කිසිවක් ලෝකයට හෙළිවී නැත්තේ ඉන්දියාව ඒවා රාජ්‍ය රහස් ලෙස සුරකින බැවිනි.  එනම් මෙය පැහැදිළිවම මලයාලි සක්කිලියන්ගේ කුමන්ත්‍රණයක් විය යුතුය.

මායා වරුන්ව ශිෂ්ටාචාර කිරීමට පැමිණි මෙම ප්‍රිඩේටර් වරුනුත්, රාවණ පුත් ඉන්ද්‍රජිත් කුමරාට ඉමහත් භීතියක් දක්වා ඇත. වරක් ඉන්ද්‍රජිත් කුමරා ප්‍රිඩේටර් ලොව රජතුමා සමග කරන ලද සටනකදී ගසන ලද පා පහරකින් ප්‍රිඩේටර් රජතුමාගේ උඩ ඇන්දේ දත් ටික හැලුණි. ඉන් පසුව ඉන්ද්‍රජිත් තම අත් දෙක ප්‍රිඩේටර් රජුගේ කට ඇතුලට දමා දෙපසට ඇද්ද අතර ඔහුගේ කට පළල් විය. එදා සිට එම ප්‍රිඩේටර් රජුගෙන් පැවතෙන ප්‍රිඩේටර් වරුන්ගේ කටේ දත් හැලී ලොකුවට පළල් ව පැවතුණි. එම රජුගේ පෙලපතේ කුමාරවරු පිරිසක් පසු කාලයේදී මායා වරුන්ව ශිෂ්ටාචාර කර ඇත. ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළයින්ගේ පුස්කොලපොත් කියවූ ජිම් සහ ජෝන් දෙදෙනා එය චිත්‍රපටයටද නැගුවෝය. එහෙත් ඒ කිසිවක් ලෝකයට හෙළිවී නැත්තේ ඉන්දියාව ඒවා රාජ්‍ය රහස් ලෙස සුරකින බැවිනි.

රාවණගේ රාජ්‍යයත්, මෙම නගර තුළ වන විශ්මයජනක බවත් එක්කළ විට සැබෑ ඉතිහාසය වටහාගැනීමට එතරම් අපහසු නොවේ. එමෙන්ම එම පුරවරය හා සක්වල ජීවීන් අතර සමීප සබඳතා පැවැති බවත් එම නගර නිර්මාණයේ සුවිශේෂී බව නිසාම ඇතැමෙකුට සිතෙන්නට වුවද හැකිය. කෙසේ වුවද රාවණගේ පුෂ්පක යානය නැතිනම් සකුණ යානයද තවමත් ලෝකයට අභිරහසකි. එහි තාක්ෂණය පිටසක්වල යානා ලෙස සැලකෙන යානා විසින් යොදාගනු ලබන තාක්ෂණයම දැයි තීරණය කරන්නට තිබෙන සාක්ෂ්‍ය ප්‍රමාණවත් නොවේ. එහෙත් එහි යම් යම් සමානකම්ද තිබෙන්නට හැකි බව ශබ්ද තාක්ෂණය හා පළිඟු තාක්ෂණය උපයෝගී කරගැනීමෙන් අනාවරණය නොවේද?

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

මන්ත්‍ර වේද වෛද්‍ය ආදියට අමතරව න්‍යෂ්ඨික පිරිපහදුව පිළිබඳවත් පරතෙරටම හදාරා සිටි විද්වතෙක් වූ භාරද්වාජ සෘෂි තුමා අතීතයේදී රචනා කළ ප්‍රාමාණිකශ්‍රාස්ත්‍රය නැමැති පොතේ හෙළයින්ගේ යුරේනියම් පිරිපහදුවේ තාක්ෂණය, න්‍යෂ්ටික අවි සහ න්‍යෂ්ඨික බලාගාර ගැන සඳහන්ව තිබුණි. ප්‍රාමානික ශ්‍රාස්ත්‍රය යන වදන හැදුනේ, පරමාණුක+ශ්‍රාස්ත්‍රය යන හෙළ වදනෙනි. ඒ අනුව එය හෙළයින්ගේ නිර්මාණයක් බව පැහැදිළි වෙයි. නමුත් ඉන්දියානු බමුණන් විසින් ඒවා පැහැරගෙන ගොස් ඇත. වර්ගපූර්ණිකාවේ මේ ගැන සඳහන්ව තිබුන අතර බමුණන් විසින් ඒවා ගිණි තැබීම නිසා අපට අහිමි විය.

නැෂනල් ජෝග්‍රො‍ෆික් වාර්තා කරන අන්දමට හරප්පා ශිෂ්ටාචාරයේ මතුවූ ගොඩනැගිලි විනාශ වී තිබෙන්නේ පරමාණු බෝම්බයකින් එල්ල වූ ප්‍රහාරයක් නිසයි. රාවනා රජතුමා විසින් එල්ල කරන ලද න්‍යෂ්ඨික ප්‍රහාරයක් නිසා හරප්පා ශිෂ්ටාචාරය පොළොවට සමතලා වූ බව හෙළ ගවේශකයින්ගේ පිළිගැනීමයි. අපගේ මතය බොරු යැයි කීමට තරම් ප්‍රමාණවත් සෙල් ලිපි නොමැති නිසා මේ අදහස නිවැරදි බව ස්ථිරයි. පහත රූපය බලන්න.


1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශරීරවල තිබූ විකිරණශිලීත්වයට සමාන විකිරණශිලිත්වයන් මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ හමු වු ඇට සැකිලි තුලත් තිබිලා තියෙනවා. කළුගල් හා වෙනත් ආකාරයේ පාෂාණ ආදිය යොදාගෙන සාදා තීබූ ප්‍රාකාර ගොඩනැගිලි ආදීය තීරුවණා බවටත් පත් වෙලා තියෙනවා. මෙය සිද්ද වෙන්න නම් සෙන්ටිග්‍රේඩ් අංශක 3000ක පමණ උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ඒ වගේ දෙයක් ඇතිවෙන්න පුළුවන් න්‍යෂ්ඨික පිපිරීමකින් පමණයි. මේ අනුව මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරය පරමාණු බෝම්බ ප්‍රහාරයකින් විනාශ වූ බව විද්‍යාඥයන් විසින් තහවුරු කරලා තියෙනවා.

ඒ අනුව මොහොන්දජාරෝ ශ්ෂ්ටාචාරය පොළොවට සමතලා කිරීම සඳහා පරමාණු බෝම්බය ගෙන යන ලද්දේ රාවනා රජතුමාගේ දඬුමොනරයකින් බව පැහෙදිළියි. පහත දැක්වෙන ඉතිහාස මූලාශ්‍ර බලන්න.

"Gurkha, flying a swift and powerful vimana (fast aircraft) hurled a single projectile (rocket) charged with the power of the Universe (nuclear device). An incandescent column of smoke and flame, as bright as ten thousand suns, rose with all its splendor.
It was an unknown weapon, an iron thunderbolt, a gigantic messenger of death, which reduced to ashes the entire race of the Vrishnis and the Andhakas. The corpses were so burned as to be unrecognizable. Hair and nails fell out; Pottery broke without apparent cause, and the birds turned white.
...After a few hours all foodstuffs were infected... ...to escape from this fire the soldiers threw themselves in streams to wash themselves and their equipment."
ÄÄ The Mahabharata
"(It was a weapon) so powerful that it could destroy the earth in an instant ÄÄ A great soaring sound in smoke and flames ÄÄ And on its sits death..."
ÄÄ The Ramayana
"Dense arrows of flame, like a great shower, issued forth upon creation, encompassing the enemy... A thick gloom swiftly settled upon the Pandava hosts. All points of the compass were lost in darkness. Fierce wind began to blow upward, showering dust and gravel. Birds croaked madly... the very elements seemed disturbed. The earth shook, scorched by the terrible violent heat of this weapon.
Elephants burst into flame and ran to and fro in a frenzy... over a vast area, other animals crumpled to the ground and died. From all points of the compass the arrows of flame rained continuously and fiercely.
ÄÄ The Mahabharata
"Place a well-cleaned copper plate in an earthenware vessel. Cover it first by copper sulfate and then moist sawdust. After that put a mercury-amalgamated-zinc sheet on top of an energy known by the twin name of Mitra-Varuna. Water will be split by this current into Pranavayu and Udanavayu. A chain of one hundred jars is said to give a very active and effective force."
ÄÄ Agastya Samhita
(Indian Princes' Library)

අශෝක අධිරාජයා විසින් තම දිග්විජය කටයුතු අවසන් කල පසු තම න්‍යෂ්ඨික අවි පිළිබදව තාක්ෂණය ග්‍රන්ථ 9කට සම්පාදනය කර තාපසයන් 9 දෙනෙකු භාරයේ ගාන්ධාර තක්ෂිලා කදුකර ප්‍රෙද්ශයේ සගවා තැබූ බවට හින්දු පුරාවෘත්ත හා “පුරාණ“ ග්‍රන්ථවලත් සදහන් වෙලා තියෙනවා. අශෝක රජතුමාට ඒ න්‍යෂ්ඨික අවි තාක්ෂණය ලැබී ඇත්තේ හදිසියේ ප්‍රාතීර්භූත වූ රාවනා විසිනුයි.

1965 පමණ අවදීයේ සිටම උගතුන්ගේ විශේෂ අවදානය යොමු වුණේ සංස්කෘත ග්‍රන්ථවන “දහඅටක්වූ පුරාණ“ ග්‍රන්ථවල ඇති තොරතුරු විශ්ලේෂණය කිරීමය. මේ වන විට බ්‍රාහමණ හා උපනිෂද් යන වේද ග්‍රන්ථ හදාරා අවසන් කර තිබුණ අතර මෙම පුරාණවල අඩංගුවන්නෙ කුමන රටක ඉතිහාසයදැයි හදුනාගැනීමට සැමදෙනාම උනන්දුවෙලා තියෙනවා. එහිදී අසුර නැමති අධිරාජ්‍යයක තොරතුරු පොදුවේ සදහන් වෙන බව හදුනාගෙන තියෙනවා. අසුරයන් කියන්නෙ රකුස්,යක්,නා හා දේව යන කොටස් හතරින් සෑදෙන ජාතියයි. මෙහිදී අසුර කියන්නෙ එකම ජාතියක් හැටියට සමහර විචාරකයන් පැවසූවද සංස්කෘත පුරාණයන්ට අනුව එසේ සදහන් වන්නෙ නැහැ. රකුසන්ගේ න්‍යෂ්ඨික අවි පිළිබඳව එමගින් බොහෝ කරුණු හෙළි වී තිබෙනව.

ලංකාවේ සෙල්ලිපි වල “කුබ“ යනුවෙන් හැදින්වෙන්නෙ කුවේරයි. කුවේර පිළිබදව පුරාණය සංස්කෘත භාෂාවෙන් හැදින්වෙන්නෙද “කුබ පුරාණය“ කියන නමෙන්. සිව රජු ඉන්දියාවට ගියේ හෙළදිව සිට බවත් ඔහුගේ මුල් මධ්‍යස්ථානය සිව + ගිරිය හෙවත් සීගිරිය බව අරිසෙන් අහබුදු සූරීන් පවසනවා. ඔහු ඉන්දුවේ රජුය. ඉන්දු දේශය යනු කාශ්මීර කදුකරය හා පන්ජාබ් තැනිතලාවයි. සිවදෙවියන් මූලික කරගත් ඇදැහිල්ල සිවරජු විසින් ආරම්භ කරන ලද්දක් බවද අරිසෙන් අහබුදු සූරීන් පවසනවා. ඉතාමත් ධනවතෙක් වූ කුවේරයන් තම ආලකමන්දාවේ ආරක්ෂාවට ප්‍රති මිසයිල් පද්ධතියක් සවි කරගෙන තිබූ බව කියවෙනව.


හෙළ පරමානු තාක්ෂණය
==================

මධ්‍යම පළාතේ පරගොඩ ග්‍රාමය හැදී තිබෙන්නේ පර=පරමානු, ගොඩ=ගබඩාව යන නමිනි. ඒ අනුව රාවනා රජතුමාගේ "පරමානු බෝම්බ ගබඩාව"තිබී ඇත්තේ පරගොඩයි.

පරගොඩ අසළම ඇති පරනගම යනු පරන=පරමානු, ගම=ග්‍රාමය ඒ අනුව "පරමානු ග්‍රාමය" යි. පරමානු ග්‍රාමය තුළ අදාල යුරේනියම් බලගැන්වීම් කර ඇති අතර ඒවා ගබඩා කිරීමට පරනගොඩට ගෙන ගොස් ඇත.

පරන්තන් යනු පරමානු අන්තයයි. ඒ දවස් වල එම ප්‍රදේශ වල අධික විකිරණශීලී භාවයක් තිබී ඇති බව පෙනෙයි. එසේ වූයේ හෙළයින්ගේ න්‍යෂ්ඨික පිරිපැහැදුමක් පරන්තන් හි තිබුණ බැවිණි. එනිසා ඒ "අන්තයට" යාම වළකා ලමින් පරමානු අන්තය හෙවත් පරන්තන් යන නම රාවනා රජතුමා විසින් පටබැඳීය.


ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතක් වන වර්ගපූර්ණිකාවේ දැක්වෙන පරිදි රාවනා රජතුමාගේ පරමානු අවි නිෂ්පාදනය සඳහා එක් එක් පෙළපත් පවරා තිබුණි. පරන ලියනගේ පෙළපත අයත් වූයේ පරමාණු අවි ගැන ලේඛනය කිරීමටයි. පරනවිතාන පෙළපත අයත් වූයේ පරමාණු බෝම්බ ගැන පරීක්ෂණ කිරීමටයි. පරනසේකර පෙලපත අයත් වූයේ පරමානු අවි නිෂ්පාදනයේදී අදාල සේවාවන් සැපයීමයි. මේ සියල්ලම න්‍යෂ්ඨික අවි පිළිබඳ ප්‍රවීණයෙක් වූ ඉන්ද්‍රජිත්ගේ නිරීක්ෂණය යටතේ සිදුකෙරිණි.

"රොකට්" යනුත් "රා ක‍ටු" නැමැති හෙළ වදනින් හැදුනකි. රාවනා රජතුමා තම සතුරන්ට පහර දීම සඳහා රොකට් අවි භාවිතා කළ බව දැක්වෙයි. ඒ අනුව ලෝකයේ මුල්ම න්‍යෂ්ඨික රොකට්‍ටුවත් අපේ හෙළයෙක් වූ රාවණා රජතුමාට අයත්ව තිබුණ බව සඳහන් වෙයි.

රාවනා රජතුමා විසින් අද පැසි‍ෆික් මුහුද ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ න්‍යෂ්ඨික අවි පරීක්ෂණයක් කළ බව ඉපැරණි පුස්කොළපොතක් වූ පණික්ඇත්ත නැමති පොත දක්වයි. රාවනා රජතුමාගේ රා ක‍ටුවක් හෙළ දෙරණින් ගුවන් ගත වී ඒ ප්‍රදේශයේ පතිත වූ අතර ජපානය කොටස් හතරකට බෙදී ගියේය. අති විශාල වලක් හැදුන අතර , එදා එහි පතිත වූ රා ක‍ටුවේ නම වු "මරණයේ වාහනය" යන නමින් එම වලට මරියානා ආගාධය ලෙස නම් තැබුණි. මරියානා යනු හෙළ වචනයක් වන අතර මරි=මරණය, යානා=වාහනය යන අරුතෙන් "මරනයේ වාහනය" හෙවත් මිසයිලය යන අරුත එහි ඇත.

තම්බපන්නියේ පොළොව තඹ පැහැ වී තිබුණේ අන් කිසිවක් නිසා නොව රාවනා රජතුමා විසින් එහිදී න්‍යෂ්ඨික අවි පරීක්ෂණයක් කිරීම නිසා එහි අපද්‍රව්‍යයක් ලෙස පොළොවට බැහැර වූ තඹ නිසයි. 


ඉහත රූපය හොඳින් බලන්න, එහි දැක්වෙන්නේ නාසා මගින් ලබාගන්නා ලද සඳ මතුපිට දර්ශනයකි. එහි අසාමාන්‍ය පිහිටීමක් ඇති උස යමක් දිස් වෙයි. ඇමරිකාවේ හාප් ආයතනයේ විධායක නිලධාරියෙක් වරක් පැවසූයේ එහි දැක්වෙන්නේ රොකට්‍ටුවක් බවයි. ඒ අන් කිසිවක් නොව එදා අප හෙළ රජු රාවනා ගේ පුත්‍ර ඉන්ද්‍රජිත් විසින් රාවනාව සහ ලක්ෂ්මණව අඩපණ කළ "නාගපාශාණය" නැමැති න්‍යෂ්ඨික අවිය ගුවන් ගත කළ කුළුණයි. ඉන්ද්‍රජිත් විසින් සඳේ සිට රාම සේනාවට එල්ල කළ එම න්‍යෂ්ඨික ප්‍රහාරයෙන් රාම සහ ලක්ෂ්මණ සිහි සුන් විය.


මෑත ඉතිහාසයෙන්
=============

පර සුද්දන් විසින් පසුකාලීනව අරුත විකෘති කළත් යුරේනියම් යනු හෙළ වචනයකි. 
යුරේනියම්=යුර+ඒනියම්. 
යුර හෙවත් යුග+අන්ධර යනු "යුගය අඳුරට යවන" යන අරුත් සහිතයැ. ඒනියම් යනු "ඒ නියමය" යන හෙළැ අරුත් දේ. මෙසේ හෙයින් මොහන්දජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ "යුගය අඳුරට යවන ලෙස රාවණා දුන් නියමය" නිසා "යුරේනියමය" යනුවෙන් එම මූල ද්‍රව්‍ය පබැඳිණි. (ප්‍රාමාණිකශ්‍රාස්ත්‍රය 56 වන පිට)

මෙම සැලසුම් "මෘතචක්‍ර සංවතිය" නම් පුරාණ අටුවාවේ මෑතක් වෙන තුරුම තිබුණු අතර, 1935 වසරේදී ශ්‍රී ලංකාවට රහසේ පැමිණි ඇමරිකානු ඒජන්ත ඇල්වින් ඩඩිලියර් ඒ පුස්කොළ පොත සොරාගෙන, ඒ සමඟම හෙළයින්ගේම වෙනත් සංකල්පයක් වූ "පෙන්ටගන්" සංකල්පයද සොරාගෙන ඇමරිකාවට ගෙන යන ලදී.. 

ඇමරිකාව 1945 වසරේදී පළමු න්‍යෂ්ඨික පරීක්ෂණය සිදුකලේ ඒ පුස්කොළ පොත ආශ්‍රයෙනි.. ජර්මනියෙන් පැන ඇමරිකාවට ආ වර්නන් වොන් බ්‍රොන් නැමති විද්‍යාඥයා ඒ න්‍යෂ්ඨික වැඩ සටහනට සම්බන්ධ වූයේ හෙළැ පුතෙකු වූ හිට්ලර්ගේ නියමයෙන්ය. මෙම පුස්කොළ පොත ගැන දැන සිටි හිට්ලර් අවසන් මොහොතේ වොන් බ්‍රොන්ට දී ඇති උපදෙස වන්නේ "රාවණ අවිය යළි සදනු" (Neu erstellen die Sri Ravana Waffe) යන්නය. එය අකුරටම ඉටු කෙරිණි.


අද ලෝකයේ ඇති සියළුම න්‍යෂ්ඨික අවි වලට යොදා ගන්නේ අප හෙළුවන් විසින් රචිත ප්‍රාමාණිකශ්‍රාස්ත්‍රය නැමති පොතේ තිබුණ තාක්ෂණයයි. ඒ අනුව ලෝකයේ මුල්ම, මෙන්ම දැනට තිබෙන න්‍යෂ්ඨික තාක්ෂණයේත් මූලාරම්භය අයිති වන්නේ අප හෙළුවන්ටම බව පැහැදිළි වෙයි.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“

9/11 ප්‍රහාරයට සම්බන්ධ වුනේ රාවණ අධිරාජ්‍යයා ය.


ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11 දින එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳව ඇමරිකාව විසින් අල් කයීඩාවටත්, වෙනත් පාර්ශවයන් විසින් ඇමරිකානු CIA සංවිධානයටත් චෝදනා එල්ල කරගන්නා බව පසුගිය දශකය පුරාම දක්නට ලැබුණි. නමුත් සත්‍යය එය නොවේ.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වෙසෙන තම අනන්‍යතාවය හෙළි කිරීමට අකැමැති භාවනායෝගී තාපසවරයෙක් විසින් දුරකථන ඇමතුමක් හරහා වර්ගපූර්ණිකාව බ්ලොගය වෙත පසුගියදා දැනුම්දුන්නේ එය මහා රාවන අධිරාජ්‍යයා විසින් එල්ල කරන ලද්දක් බවයි. 2012 අග භාගයේදී නැවතත් නින්දෙන් නැගිටින මහා රාවන අධිරාජ්‍යයා ඊට පෙර තම යුතුකම ඉ‍ටු කිරීමටලු එවැන්නක් කළේ.

තාපස තුමා මෙවැන්නක් පැවසුවා. "පුත තොප නොදන්නා බොහෝ දෑ මෑත කාලයේදී සිදුවී තිබෙනවා, රාවන අධිරජ්‍යයා දැන් ගොඩක් බලවත්, එතුමා දැන් ලෝක පාලනයට සූදානම්. ඒ සඳහා පෙරහුරුවක් ලෙස ලෝක බලවතාට පාඩමක් ඉගැන්වුවා....."

රාවන අධිරාජ්‍යයා විසින් එවැන්නක් කළේ ඇමරිකාව විසින් කොටි ත්‍රස්ත හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඇමරිකාවට සත්‍යය වටහා දීමටත්, ඇමරිකාව විසින් ලංකාපුරයට කරන ලද අපරාධයන්ට දඬුවමක් වශයෙනුත් ය. ඊට අමතරව ඇෆ්ගනිස්ථානයේ හම්බයින් විසින් බාමියන් ප්‍රතිමා විනාශ කිරීමේ වරදට දඬුවමක් වශයෙන් ඇෆ්ගනිස්ථානය දූවිලි බවට පත් කිරීමටත්, ලිබ්යාවේ ගධා‍ෆි විසින් ලංකාපුර රාජධානිය හම්බ කොළණියක් කිරීමට කතා කිරීමට නිසා ඊට දඬුවමක් වශයෙන් ගඩා‍ෆි මරා දමා ලිබ්යාව දූවිලි බවට පත් කිරීමත්, ඉරාකයේ හම්බයින් විසින් ලංකාවේ පල්ලි හැදීමට දෙන ලද ආධාර වලට දඬුවමක් වශයෙන් ඉරාකය සුන්නත්දූලි කිරීමටත්, ඇමරිකානු රජය පෙළඹවීමට, නිදි යහයේ තාමත් ජීවමානව සිටින රාවනා අධිරාජ්‍යයා වීස්න් තම ශවකාශපානවාසකය නැමති බලගතු මන්ත්‍රය ජීවන් කර කටයුතු කරන ලද්දේයැ.

තවද ජපානය වීස්න් කොටින්ට පක්ෂපාතී වීම නිසා ඊට සුලු දඬුවමක් වශයෙන් ජපානයේ ෆුකුෂිමා බලාගාරය විනාශ කර ජපානයට මරුවා පෙන්වන ලද්දේයැ, එනිසා රාවන අධිරාජ්‍යයාට විරුද්ධ වන්නන් මේ උදාහරණ වලින් ශ්‍රී රාවනා නාමය ඉදිරියේ දණ්ඩ නමස්කාර කර ජීවිත ගලවාගනු මැනවි. තවමත් පවතින හෙළ අසුරයින්ගේ ශක්තියත් 2012 අගදී නැගිටින රාවන අධිරාජයයාගේ පරමෝත්තම බලයත් දෑස් ඉදිරියේ වටහගනු කැමැත්තන් රාවන සෙන්පති හා එක් වන්න.

දැන් 9/11 ප්‍රහාරය රාවනාගේම ප්‍රහාරයක් බව ඔප්පු කරන්නේ කෙසේදැයි බලමු. පහත තිබෙන්නේ ශ්‍රී රාවනා රජතුමා යුධයේදී භාවිතා කරන මුහුණු මායාවයි. එයට කියන්නේ "රණමෘණභාසිතය" යන්නයි.


මහත් ආශ්චර්යයකි, බලන්න "රණමෘණභාසිතය" පහත රූපයේ WTC එකට ප්‍රහාරය එල්ල වෙන මොහොතේ ධූමයන් අතුරින් නැගී සිටින හැටි.


පහත රූපයේ දැක්වෙන්නේ ශ්‍රී රාවනා රජතුමාව චීන ජාතිකයින් දු‍ටු ආකාරයයි. බලන්න චීන්නුන් පවා අපගේ හෙළ අසුර අධිරාජ්‍යයාට ගෞරවයක් පිණිස නාට්‍ය රඟ දක්වන හැටි.


මහත් ආශ්චර්යයකි, බලන්න ඉහත චීන්නුන් රාවනා රජතුමා ලෙස හඳුනාගත් රූපය පහතින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ අළු අතරින් නැගී සිටින හැටි. මෙමගින් කියන්නේ ඉදිරියේදී චීනය ලෝකයේ වෙළඳාමේ අධිපතිත්වය උසුළන බවයි, ඒ මෙතෙක් කාලයක් චීන්නුන් ශ්‍රී රාවනට දැක්වූ ගෞරවයට උපහාරයක් වශයෙනි.





මුල්ලේරියාවෙන් මෑතකදී හමුවූ ඉහත දැක්වෙන සෙල් ලිපියේ පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් දැක්වුන වගන්තියේ හෙළ නිරුක්තිය මෙසේය.
"රාඅධි විශ්‍ය විසෙක්වැ ශක් ආ ඇරිකා මාහෝ වින්ෂ්‍ය කකමැ ශ ශ ප"
එනම්,
"රාවන අධිරාජ්‍යයා විසින් විසි එක් වන සියවස ආරම්භයේදීම ඇමරිකාවට මහා විනාශයක් කරනනව කරනවාමයි"
මේවා ඇස් පනාපිටම දකිද්දී මවිල් කෙලින් වෙන්නේ නැද්ද?

රාවණවේදයේ මේ ගැන විස්තරාත්මකව තිබුන අතර බමුනන් විසින් රාවණවේදය ගිණි තැබීම නිසා ඒවා අපට සොයා ගැනීමට නොහැකි වී ඇත. නමුත් ඒ අනුව මෙයට රාවන රජතුම සම්බන්ධ බව ඒකාන්තයි.

වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි පුස්කොලපොතේ අනු ග්‍රන්ථයක් වන සුබෝධිපුරාණයේ තුන් වන පරිච්ඡේදය මෙලෙස දැක්වෙයි.
"රාවන ලංකේෂ්වර නරප්‍රත්‍ය මෙයැ ගොස් ඇමරිකා තෙද අග්නි ගංගා ගලා විමානක වශ්‍ය පා ධූලිපා වනුපා මෑ ඊ කවශලනට වශයෙනැ ගොසැ බැසැ මසැ යකුසැකපැනැ"
එහි අදහස වන්නේත් රාවන රජතුමා ඇමරිකාවේ මහා විනාශයක් කරන බවයි. නමුත් වර්ගපූර්ණිකාවත් බමුණන් විසින් ගිණි තබා ඇති නිසා අපට ඒවායේ පිටපත් දැක්වීමට නොහැකියි.

රාවන රජතුමා විසින් එවැනි ප්‍රහාරයක් එල්ල නොකරන බවට කිසිදු සෙල් ලිපියක දැක්වෙන්නේ නැත. ඒ අනුව කිසිවෙකුට මාගේ තර්කයන් බොරුවක් බව කීමට නොහැකියි. එසේ යමෙක් කියනවනම් ඔහු ගාව ඇති සෙල් ලිපිත් ‍රැගෙන පැමිණෙන්න. ඕනැම වාදයකට හෙළගවේශකයින් සූදානම්.

"යම් දිනෙක හෙළුවන් විසින් ලොවම මවිතයට පත් කරමින් ලෝකයේ බලවතාටත් කම්මුල් පහර ගසන බව අරිසෙන් අහුබුදු ශූරීන් මීට දසක කීපයකට පෙරදී (1972) පවසද්දී එවකට පාසල් ශිෂ්‍යයෙක්ව සිටි මා ඊට සිනාසුනෙමි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.

වර්ගපූර්ණිකාව යනු කුමක්ද කියා දන්නවද?

රාවනා ඈ ඉතිහාසය දක්වද්දී නොවරදවාම මූලාශ්‍ර කරගත යුතු ග්‍රන්ථයක් තමයි වර්ගපූර්ණිකාව. නමුත් හැමෝම අහනව මොකක්ද මේ?, ඕක කොහෙද තියෙන්නෙ කියල.මගේ යාළුවෙක් නුගේගොඩ සරසවි පොත් හලෙත් මේක හොයල. ඔන්න ඉතින් මං කල්පනා කළා මේ බ්ලොග් එකේ නමත් වර්ගපූර්ණිකාවම නිසා, තවත් ලිපි ලියන්න කළින් වර්ගපූර්ණිකාව යනු කුමක්ද කියල හඳුන්වල දෙන්න.


හෙළ යකුන්ගේ අතිශය දුර්ලභ තොරතුරු ඉතාමත් රහසිගත පුස්කොළපොතක් තමයි රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වර්ගපූර්ණිකාව. (ඔන්න මම මේ ගැන හෙළිකරන්න යන හින්දා රාජකරුණා යක්කු මාත් එක්ක අමනාප වෙන්න එපා.)

වර්ගපූර්ණිකාව හැරුන විට, රවිපෛලාශ (රාජපක්ෂ) වංශයට අයත් පාෂනවංශකාව, සෙනහිංගල (සේරසිංහ) වංශයට අයත් සේපනංඩකාව, ගුවනාගහිංගල (ගුණසිංහ) වංශයට අයත් අඹරවත්ථුපේසිකාව, අමශෛලාශ (අමරසේකර) වංශයට අයත් අමකාපසාකාව, හෙමනාගග්‍රාමාස (හෙට්ටිගොඩ) වංශයට අයත් හෙගමෘගවර්ණනාව, රණනායකාශප (රත්නායක) වංශයට අයත් රවිශානපාශාකරය, විකුමානලීඩකර (වික්‍රමනායක) වංශයට අයත් විමානශාස්ත්‍රපකරය ආදී පුස්කොළපොත්ද එකී හෙළ යකුන්ගේ පරම්පරාවල් වලින් තවමත් පැවතෙන බව මෙහිදී මතක් කළ යුතුයි.

කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක්‌ විසින් මෙය රචනා කර ඇත.

යක්‌ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි ග්‍රන්ථ රැසක්‌ නීලගිරියේ මුණමුර පුස්‌තක ලෙනෙහි සුරක්‌ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්‍රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්‌තක ලෙන විනාශ කරන ලදී. ඊට අමතරව බමුණන් වීසින් ඒවාට නැවතත් ගිණි තබන ලදී. සිත් පිත් නැති පර දෙස්‌සා ගිනි තැබූ පුස්‌තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්‌තක අතළොස්‌සක්‌ ඉතිරිව පැවතුණි. පංචරක්‌ඛාවලියේ කොටසක්‌ වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්‍රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්‍රන්ථ විය හැකිය.

මහසොහොන් දැහැන, වෙසමුණු බන්ධනය, වෛමානික සාපේක්ෂතාවය, වේදාන්තර වෛද්‍යවනය, රාමකදැහැන, යක්ඛපණක්ඛය, මෝරාඛන්ඩකය, ශවිශාපශාදනිය, ගිරිමේඛබන්ධනය (පංඡය), සිරිමේඝරාඝිනිය, වරුමාලපාසාදිකය, සුඛමාරපානකය, මනුලෝකශාවකය, අසුරාගනෂ්ඨකය, කාලත්‍රයාත්‍රකය, අන්ගිකඩම්භකය, දුංගමපුරානය, වාසල මධුකරය, හූනියම් හෑල්ල, ගිරිඛණ්ඩපාසකය, වලිශෛලාසමණ්ඩකය, යක්ඛණ්ඩපය (යකුන් දැහැන), රකුන්තෙදැස්සිය, අධෝකපාලාසකය, විජිනාසමණ්ඩකය, සජ්ජකාරපය, මෝරාසයක්ඛනය, දේවාතරූපකය, වෛශාලරාමකය, බාඛාල පාසකය, පාතාල අඳුන, විශුකාරයන්ත්‍රණය, ගිරිමේඛපණ්ඩලය, කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්‌ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්‌ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්‌ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්‌ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්‌ඛසුලාධිය, රක්‌ඛ විද්‍රdශනය, රක්‌ඛ විජලකාව, කුකුරමාන භද්දය.
යන ග්‍රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්‍රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි.

ගිරිමේඛකණ්ඩකය රචනා කිරීමේදී සපර අරනේ දෙමසක්ද, සවිර අරණේ තුන් මසක්ද, මාගම අරණේ දෙමසක්ද, රකුන්ගිරි අරනේ එක් මසක්ද, නීලගිරි අරණේ දෙමසක්ද, යමකාන අරණේ තුන් මසක්ද, ලිසකාය අරණේ හතර මසක්ද, පරමාන අරණේ තුන් මසක්ද, පාතාල අරණේ හතර මසක්ද, පශ්චාන අරණේ එක් මසක්ද වාසය කළ බව කතුවර හිමියෝ සඳහන් කරති.

පංචරක්‌ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්‌ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්‌ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්‌ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්‌ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි.
එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්‌ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්‌ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්‌කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්‌ථානගත වී ඇත. ඉන් පසුව හමුවූ වර්ගපූර්ණිකාවේ අ‍ටුවා වලට නැවතත් බමුණන් ගිණි තබා ඇත.

දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්‌තක දහයකින් යුක්‌තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක්‌ ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්‌තක,

හස්‌ති මදාරා සිලම්බුව, රුක්‌ අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක්‌ සිලම්බු...

වරිග පූර්ණිකාවෙහි උප ග්‍රන්ථයක්‌ ලෙස රචනා කර ඇති විෂම්කුම්භණ අණපනත පුස්‌තකය පත්ඉරු 1000 කින් යුක්‌තය. අනු පුස්‌තක දෙකකින් යුක්‌තය. පරමත්ථ පුස්තක හයකින් යුක්තය. එසේම වර්ගපූර්ණිකාවේ උප ග්‍රන්ථයක් වන අධෝකපාලකය ලෙස රචනා කර ඇති විශමානසාරපාසකය පත් ඉ රු නවදහස් එකසිය විසි අටකින් යුක්තය. මේ සියල්ලටම පාහර බමුණන් ගිණි තබා ඇත.

රාවණ යුගය හා අපේ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ දියුණු බව සනාථ කරන්නට වරිගපූර්ණිකාව නම් මේ එක්‌ මූලාශ්‍රය වුවද අගය මිණිය නොහැකි සාධකයකි...

කෙසේ නමුත් ඉහත ගිණි තැබීම් වලින් පසුව ඉතිරි වන්නට වර්ගපූර්ණිකාවක් නොමැති බව පැහැදිළි වෙයි. නමුත් එසේනම් අප එක් එක් ඉතිහාස කතන්දර සඳහා වර්ගපූර්ණිකාවෙන් මූලාශ්‍ර දක්වන්නේ කෙසේද යන්න ගැන සාධරණ සැකයක් ඔබට ඇති වන්නට ඇති. ඒ සඳහා අප රාවනා ශක්තිය යොදා ගනිමින් කාලයෙන් අතීතයට ගමන් කර බමුණන් විසින් ගිණි තැබීමට පෙර තිබූ වර්ගපූර්ණිකාවන් කියවා එහි මූලාශ්‍ර සටහන් කරගෙන නැවතත් ඔබ වෙත ඉදිරිපත් කරන බව දත යුතුය. එනිසා වර්ගපූර්ණිකාවේ පිටපත් නුගේගොඩ සරසවි පොත් හලෙන් එහෙම ඉල්ලන්න එපා.

වර්ගපූර්ණිකාව යනු හුදු ප්‍රබන්ධයක් බව හෝ, මහනුවර යුගයේ ශාසන පරිහාන සමයේදී දෙමළ කතන්දරත් යොදා ගනිමින් චීවරධාරීන් විසින් ගොතන ලද කෙප්පයක් බව සමහරුන් කියතත් එය තනිකර මුසාවකි. ඔවුන්ට එලෙස කීමටනම් සෙල් ලිපි™ මූලාශ්‍ර තිබිය යුතු අතර ඔවුන්ගේ මතය ඔප්පු කිරීමට සුදුසු කිසිදු සෙල් ලිපියක්™ නොමැති නිසා හෙළ යකුන්ගේ මතය නිවැරදි මතය බවට පත් වෙයි.

නා ගසේ පත්‍ර මගින් ෆෝන් බැටරියක් චාර්ජ් කිරීම.! (රාවණ ගවේශකයෙක් සොයාගනී)

2012 අගදී සිදුවන යුග විනාශයත් සමගම රාවණ රජතුමා නින්දෙන් අවදි වීම වෙනුවෙන් අප කළ යුතු දෑ පිළිබඳව පසුගියදා වර්ගපූර්ණිකාවේ පාථකයන්ව දැනුවත් කළ මධ්‍යම කඳුකරයේ භාවනානුයෝගීව වසන තාපස තුමාගේ ජංගම දුර්කථනයේ විදුලි කෝෂයේ ආරෝපණය අඩාල වීම පිළිබඳ සිද්ධිය ඔබට මතක ඇති.

පසුව එම ගැටළුව පිළිබඳව එතුමා මඳ වේලාවක් කුණ්ඩලීනී යෝගයේ රාවණා ශක්තියට සම වැදී ගවේශණය කරද්දී කදිම හෙළ තාක්ෂණයක් පහළ වී තිබෙනවා. එතුමාට මේ තාක්ෂණය පෙන්නුම් කර ඇත්තේ හෙළය රකින යකුන් විසිනුයි.

බෝ කොළ මගින් ජංගම දුරකථන බැටරි ආරෝපණය කිරීම පිළිබඳව සමහර විට ඔබ කළින් අසා ඇතත් එය සාර්ථක නොවූ බව දැන් හැමෝම දන්නව.


එනිසා ජංගම දුරකථය බැටරි ආරෝපණය කිරීම් සාර්ථක වන්නේ තාපස තුමා පවසන පරිදි නා ගසේ පත්‍ර යොදාගැනීමෙනුයි. ඒ සඳහා පහත ක්‍රියාවන් අනුපිළිවෙළින් කළ යුතුයි.

(1). ඔබගේ ජංගම දුරකථනයේ කවරය විවෘත කරන්න.

(2). බැටරිය එලියට ගන්න.

(3). නා දල්ලක් සහ, මෝරපු නා කොළයක් ඒවායේ නැටි කොහේවත් ස්පර්ෂ නොවන පරිදි නා ගසකින් කඩා ගන්න. බැටරිය ආරෝපණය කිරීමට යොදාගන්නා තුරු ඒවයේ අග්‍ර කොහේවත් ස්පර්ශ නොවිය යුතුයි.


(4). පළමු රූපයේ (බෝ පත්‍ර තබා ඇති) ආකාරයට දැක්වෙන පරිදි, නා දල්ල බැටරියේ සෘණ අග්‍රය වෙතටත්, මෝරපු නා කොළය බැටරියේ ධන අග්‍රය වෙතටත් තබන්න.

(5). හොඳින් හුස්මක් ගෙන, ඔබගේ සිත නා පත්‍ර දෙක පමණක් මෙනෙහි කරමින් එකඟව තබා ගන්න.

(6). දැන් විනාඩි පහක් පමණ පහත දැක්වෙන රාවණ ශක්ති මන්ත්‍රය ඉතා පැහැදිළි හඬින් ජප කරන්න.

ඕං ශ්‍රී රාවණා ශක්ති සද්ධිං විඣිමාහ හරිං හරිං ශ්‍රී ය:

ඔබ ඉහත අදියරවල් මැනැවින් සිදුකළානම් දැන් බැටරිය ආරෝපණය වී තිබෙයි. මතක තියා ගන්න විනාඩි හත අටක් එලෙස කළහොත් බැටරිය "Over Charge" වී විනාශ වීමට ඉඩ තිබේවි.

(7). දැන් එම ආරෝපිත බැටරිය නැවතත් ජංගම දුරකථනය තුළට දමා සිවිචය දමන්න. ප්‍රතිඵලය ඔබ දකීවි.

(8). ආරෝපණය අඩුනම්, නැවතත් අළුත් නා කොළ දෙකක් යොදා ගනිමින් ඉහත ක්‍රියාවලිය නැවතත් සිදු කරන්න. එහිදී නා පත්‍ර අල්වාගෙන සිටීම විනාඩි දෙකකට පමණක් සීමා කරන්න.



මෙහි තාක්ෂණය
============

නා ගස යනු නාග ලෝකයේ ගසයි. නාගයින් එය යොදාගනිමින් ශක්තිය (විදුලිය) නිපදවූ බව ඉපැරණි පුස්කොළපතක් වන නාගාශකපන්ඩුකය හි දැක්වෙයි.

වර්තමානයේදී "නාවිකයා" යන පදය මූදු යන්නන්ට භාවිතා කළත් අතීතයේ රාවණ යුගයේ එම පදය භාවිතා කලේ නා ගසේ පත්‍ර යොදාගෙන විදුලිය නිෂ්පාදනය කරන්නාටය. වර්ගපූර්ණිකාවට අනුව නාවිකයා ට, නා=නාගසෙන්, වි=විදුලිය, කයා=නිෂ්පාද"කයා", හෙවත් "නාගසෙන් විදුලිය නිෂ්පාදකයා" යන හෙළ නිරුක්තිය ලැබේ.

නාගදෙනියේ අතීත නා විදුළි බලාගාරයක් තිබූ බව මෑතකදී කැණීම් වලින් මතුවූ සෙල් ලිපියක දැක්වුණි. නමුත් හෙළ ඉතිහාසය සඟවා තැබීමේ තුච්ඡ උත්සාහයට අනුව බලධාරීන් වීස්න් ඒ ගැන කිසිවක් හෙළි කර නැත.

එම සම්ප්‍රදායේ යමින් නා ගස ශ්‍රී ලංකාවේත් ජාතික වෘක්ෂය කර ඇත්තේ නා ගසේ ශක්තිය ගැන කාලාන්තරයක් තිස්සේ හෙළයින් දැන සිටි නිසයි.


නාගාශකපන්ඩුකය නැමැති පුස්කොළපොත සුද්දන් විසින් සොරාගෙන ගොස් තිබේ. එහි තිබූ විස්තර උපයෝගී කරගැනීමෙනුයි සුප්‍රකට අවතාර් (Avatar) චිත්‍රපටය නිර්මාණය වූයේ. එම චිත්‍රපටයේ තිබුණ අති විශාල ගස් වර්ගයක් වන Home Tree ඔබට මතකද? ඒ අන් කිසිවක් නොව නාග ලෝකයේ ඇති නා ගසයි. නාගයින් විසින් පරිසරය සමග සහජීවනයෙන් ජීවත් වෙද්දී නා ගසේ පත්‍ර තම කොණ්ඩය සමග සම්බන්ධ කරගනිමින් තම චිත්ත ශක්තිය වර්ධනය කරගෙන තිබේ.

අද හෙළ අවුරුදු උත්සවයේදී හිස තෙල් ගෑමේදී බොහෝ විට හිසට නා පත් තබන්නේ ඉපරණි නාගයින්ගේ ශක්තිය ලබාගැනීමේ තාක්ෂණයට අනුව බව ඔබ දැන සිටියාද?

නා ගසේ ඇති එම ශක්තිය එහි පත්‍ර වල විශේෂයෙන්ම තිබෙන්නේ විද්‍යුත් ශක්තිය ලෙසටයි.

නා දළු කාන්තාවන්ගේ තොල් පෙති වලට උපමා කර ඇති බව ඔබට මතක ඇති. "අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි..." ඒ අනුව නා දල්ලෙන් ගම්‍ය වන්නේ ස්ත්‍රීත්වය හෙවත් විශ්වයේ ඇති සෘණ (-) ශක්තියයි. අනික් පසට මෝරපු නා කොළයෙන් ගම්‍ය වන්නේ පුරුෂත්වය හෙවත් විශ්වයේ ඇති ධන (+) ශක්තියයි.

රාවණ ශක්ති මන්ත්‍රය යනු රාවණ රජතුමා විසින් නිර්මාණය කරන ලද්දක් බව වර්ගපූර්ණිකාවේ දැක්වේ. එතුමා එය නිර්මාණය කළේ දඬුමොණරයේ රසදිය ශක්තිය වැඩි කිරීමටලු. මනස නිශ්චලව තබා ගනිමින්, රාවණ ශක්ති මන්ත්‍රය නිසි ලෙස උච්ඡාරණය කිරීමෙන් එහි ශබ්ද තරංග මගින් නා දල්ලේ සෘණ ශක්තියත්, නා කොළයේ ධන ශක්තියත් අවදි වෙයි. එවිට විද්‍යුත් ධාරාවක් නිපදවේ. එමගින් බැටරිය අරෝපණය වෙයි.

පර සුද්දන් කැලෑ වල සතුන් දඩයම් කරමින් යද්දී විද්‍යුත් ශක්තිය පවා සොයාගෙන ඉන් වැඩගෙන තිබූ හෙළ යකුන් රකුසන්ගෙන් පැවත ඒම ඔබ හට අභිමානයක් නොවේද?

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් බවත් මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“
පිටසක්‌වල යානා 3ක්‌ පෘථිවියට එයි

2012 වසර අවසානයේදී දැවැන්ත අභ්‍යවකාශ යානා තුනකින් පෘථිවියට ප්‍රහාරයක්‌ එල්ල වේ. මේ අබිරහස්‌ තොරතුරු හෙළිකරන්නේ හාස්‌ නමැති විමර්ශන පද්ධතියයි. හාස්‌ විමර්ශන පද්ධතිය ඇත්තේ ඇලස්‌කාවේය. පිටසක්‌වල ජීවීන්ගේ ආගමනය විමර්ශනය කිරීම සඳහා වූ මේ පද්ධතිය ස්‌ථාපිත කර ඇත. පෘථිවිය වෙත ඇදී එන මේ දැවැන්ත පිටසක්‌වල යානා තුනින් එකක්‌ කිලෝමීටර් 240 ක්‌ තරම් විශාලය. අනිත් දෙක ඊට වඩා කුඩාය. මෙය ඇදහිය නොහැකි පුවතකි. එහෙත් හාස්‌ පද්ධතිය පවසන්නේ මේ යෝධ පිටසක්‌වල යානා තුන දැන් ප්ලූටෝ ග්‍රහයා, සමීපයේ ඇති බවයි. මේ යානා අඟහරු ග්‍රහයා සමීපයට ළංවෙත්ම ඒවා පෘථිවියේ දුර දක්‌නවලට පෙනෙන බවද හාස්‌ පද්ධතියේ පරීක්‍ෂකයෝ පවසති.

මේ අනතුරුදායක තත්ත්වය ගැන ඇමරිකානු රජයට දන්වා ඇති බවද රුසියානු ප්‍රවෘත්ති සේවය කියා සිටියි.

මේ යානා පෘථිවිය වෙත සමීප වෙන්නේ 2012 දෙසැම්බර් මාසයේදීය. 2009 මාර්තු 15 වැනිදා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත පුවතක්‌ ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ මැච්නාන් නමැති චීන නිලධාරියා විසින් "නාසා" ආයතනයේ රහස්‌ ඡායාරූප 1000 ක්‌ විමර්ශනයට පත්කළ බවත් එම ඡායාරූපවල මිනිස්‌ පා සටහන් පමණක්‌ නොව මිනිස්‌ සිරුරක්‌ පවා තිබූ බවයි. මෙම මිනිස්‌ සිරුර පිටසක්‌වල යානාවකින් සඳ මතට විසිකරනු ලැබුවක්‌ බවද පවසන එම චීන නිලධාරියා "ලුනා" යානාවකින් එකී ඡායාරූප ගත් බවද හෙළිකර ඇත.

මෙයට සමාන තොරතුරු හෙළි කළ නාසා ආයතනයේ ඡායාරූප ඒකකයේ නියමු ප්‍රධානියා වූ ආචාර්ය කෙන් ගොන්ස්‌ටන් පැවසුවේ ඇමරිකානු අභ්‍යවකාශගාමින් සාදවා තිබූ කෘත්‍රිම නෂ්ටාවශේෂයෙන් හා නොහඳුනන යන්ත්‍ර රැසක්‌ සොයාගත් බවයි. එහෙත් මේ තොරතුරු ඇමරිකානු රජය විසින් රහසිගතයි යනුවෙන් දක්‌වා ඒ ගැන මහජනතාවට හෙළිකර නැත. 1969 අගෝස්‌තු 3 වැනිදා සඳ මත තත්ත්වය පිළිබඳව ගත් මෙම ඡායාරූප සම්බන්ධව තොරතුරු වසන් කිරීමට "නාසා" ආයතනයද ක්‍රියා කර ඇත. මේ ඡායාරූප ඉතාම පැහැදිලියි. මිනිස්‌ සිරුරක්‌ සඳ මත තිබුණා යෑයි එම චීන නිලධාරියා විසින් හෙළිකර තිබේ.

මේ අතර සෙම් නමැති ආයතනයද මේ රහස්‌ හෙළිකර ඇත. ඔවුන්ද පැවසුවේ පිටසක්‌වල යානා තුනකින් ප්‍රහාරයක්‌ එල්ල වන බවයි.

මායාවරුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වැනිදා අවසන් වේ. මායාවරුන්ගේ දින දර්ශනය හා පිටසක්‌වල යානා තුන අතර සබඳතාවක්‌ තිබේද?

ලොවෙ ප්‍රථම සුලං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය නිපදවූයේ හෙළයින් විසිනි!

ඔහු නමින් නිලංග සෙනෙවිරත්න ඈපා. තවමත් යොවුන් වියේ පසුවන තරුණ ඉංජිනේරු මහත්මයෙක්. කණගාටුවට කරුණ නම් ඔහුගේ මේ විශිෂ්ඨ සොයා ගැනීම ගැන මාධ්‍යය මගින් නිසි සැලකිල්ලක් නොලැබීමයි.

පැයට කි.මී. 60ක වේගයෙන් ධාවනය කල හැකි මෙහි blue prints සඳහා අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත කිරීමටයි.

Nilanga: To clear the facts, as to my knowing this car Runs on Kinetic energy of the air sucked in from the front turbines to power up a specially designed engine. Special mechanism is used to maximize the turbine efficiency and rotation. The prevailing air powered cars founded up-to this car; uses compressed Air to power up pistons in the engine, which proved to be dangerous. Its just like running a car with a car bomb. But this Sri Lankan car proved to be 100% safe as to the developer. Its equal to a windmill built in to run the engine.

ඔබට මේ ගැන උනන්දුවක් ඇත්නම් හෝ ඔහුට දිරි දීමක් ලෙස මාධ්‍යය හරහා මෙයට නිසි අවධානයක් ලබා දිය හැකි නම් ඔහුව සම්බන්ධ කරගත හැකි ආකරයන් පහතින් දක්වා ඇත.

Nilanga Senevirathne,
N.S.E Automobile Engineers
59 / A, Rathnawali Road, Kalubowila,Sri Lanka
Telephone: +94-06-2182147
Mobile : +94-77-6493957
Fax: +94-11-2785590


ලෝකෙ හැම දෙයක්ම කළේ හෙළයින් විසින් කිව්වාම සමහරු අපිට හිනා වුණා නේද? දැන් උන්ගේ කටවල් වලට මොකද වෙලා තියෙන්නෙ? බොලව්, ලෝකයේ මුල්ම සුළං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය හැදුවේ අපේ හෙළයෙක්...!

මේක වෙනත් කතාවක්.

ඔයාල දන්නව රාවණා රජතුමාට ලොව ප්‍රථම ගුවන් යානා වන දඬුමොණර තිබුණ කියල. ඒ මීට අවුරුදු දස දාස් ගාණකට කලින්. පුරාවිද්‍යාත්මකව ඔප්පු වී ඇති ඒ කතාව දැන් මුළු ලොවම පිළිගන්නව.

දැන් අප රාවනගවේශයකින්ට තියෙන ප්‍රශ්නය තමයි ගුවන් යානා හදන්න කලින් නේද මෝටර් රථ හදන්නෙ? ඒ අනුව රාවණා රජතුමාට ලෝකයේ මුල්ම මෝටර් රථයත් තිබුණ කියල ඔප්පු වෙනව.

"කාර්" (Car) යනු "කාරය" යන්නෙන් බිඳුණු හෙළ නමක්. කා=කාර්යක්ෂම, රය=රථය, ඒ අනුව කාර්යක්ෂම රථය යන නිරුක්තියට අනුවත් කාර් යනු හෙළයින්ගේම නිර්මාණයක්. එයට කාර්යක්ෂමයි කියල කිව්වෙ අස්සයින් නොමැති නිසයි, එසේම ඒක ක්‍රියා කළේ රසදිය වලින්.

හෙළයින්ගේ "කාර් රථය" පසුකාලයේදී "කරත්තය" බවට පත් විය.

අද අප හෙළයින්ට ඇති "කරත්තය" නැමැති වාහනය හැදුනේත් කාර්+රථය නැමැති පද දෙක සංධි වීමෙන්. නමුත් බමුණන් විසින් වර්ගපූර්ණිකාව ගිණි තැබීමෙන් පසුව අතීත හෙළයින්ගේ "කාර් රථයේ" තිබූ එංජින් තාක්ෂණය අහිමි වීම නිසාත්, ගොන්නුන් නිරපරාදේ කුලෑටිව සිටීම නිසාත් "කාර් රථයට" ගොනෙක්ව බඳින ලදී. ඒ අනුව "කරත්තය" බිහි විය. ඒකෙනුත් පේන්නේ අතීත හෙළයින්ට කාර් තිබුණ බව නොවේද?

ඉපැරණි පුස්කොළපොතක දැක්වෙන පරිදි අදෘෂ්‍යමාන අශ්වයින් සිටින අශ්ව රථ අතීතයේ හෙළ දිවේ මාර්ග පුරා සැරි සරා තිබෙනව. ඒ මෝටර් රථ නොවෙයිද?

මෙතෙක් කරන ලද කිසිදු පුරාවිද්‍යා කැණීමකදී මොටර් රථ කොටස් හමුවී නැහැ. ඉන් පෙනෙන්නේ අතීත හෙළයින් විසින් 100% ක්ම පරිසර හිතකාමී මෝටර් රථ නිපදවූ බව නොවේද?

මහා භාරතයේ දැක්වෙන ආකාරයට පුලතිසි සෘෂි තුමාට අසුන් නොමැති "කාර්යක්ෂම රථය" තිබුණා, ඒක මෝටර් රථයක්.


කාර්ල් බෙන්ස් කියන පර සුද්ද ලංකාවට ආපු වෙලාවේ අපේ ඉපැරණි පුස්කොළපොත් හොරකම් කරගෙන ගිහින් ඒව කියවල තමයි කාර් එක නැවතත් හැදුවේ.

මුලින් සඳහන් වුණ "නිලංග" යනු නි=නිපදවන්නා, ලං=ලේංකේෂ්වරගේ, ග=ගමනාගමනක. ඒ අනුව නිලංග යනු, ලංකේෂ්වරගේ (හෙවත් රාවණගේ) ගමනාගමනක නිපදවන්නාය. ගමනාගමනක යනු අතීතයේදි මෝටර් රථ වලට භාවිතා කළ හෙළ නමකි. ඔහු විශ්වකර්මගේ ගමනාගමනක යන්ත්‍රාගාරයේ සිටි ප්‍රධාන මැවිසුරුවරයා බව වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි පුස්කොළපොතේ දැක්වෙනව. සෙනෙවිරත්න නැමති රාක්ෂ ගෝත්‍රික පෙළපතෙන්ම ඉපදුන නිලංග තුමාට රාවණගවේශකයින්ගේ ප්‍රණාමය.

"අපට අපේ හෙළ ඉතිහාසය පිළිගන්නට සුදු ගැත්තන් ලියූ මූලාශ්‍ර ග්‍රන්ථ හෝ සාක්ෂි අවශ්‍ය නැත. මක්නිසාද යත් අපට කිසිදු විටෙක අපේ පියාගෙන් පුත්‍රභාගය පිළිගන්නට මූලාශ්‍ර ඉල්ලා සිටින්නට තරම් අවජාතක චින්තනයක් මතුව නැති බැවිනි

රාවණ සේනාවේ යක්ෂයින් නිල්ගල වනයට ඇවිත්. යුග විනාශයට ඔබ සූදානම්ද?

රාවණ රජතුමාට පක්ෂපාතී වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් වාර්තා කළ පුවතක් පහත දැක්වෙයි.
නිල්ගල වනයට අද්භූතයන් ඇවිත්
June 22, 2012 at 9:55 am | Lanka C News.

බිබිල නිල්ගල වනාන්තරයේ යකුනාහේන ප‍්‍රදේශයේ දැනට සති දෙකක කාලයක සිට ආරක්‍ෂක අංශවලට අයත් යයි සැලකිය හැකි ඇඳුම් ඇඳගත් පිරිසක් සැරිසරන බවත් ඔයවුන් එම ප‍්‍රදේහයට ඇතුල් වීම සඳහා කිසිවෙකුට ඉඩ නොදෙන බවත් විවිධ අවශ්‍යතා සඳහා වනයට යන ප‍්‍රදේශවාසීහු පවසති.

මී කැඞීම, ඖෂධ සොයාගැනීම සඳහා අවට වැසියන් නිල්ගල වනයට පිවිසෙන බවත් එහෙත් එහි යකුනාහේන ප‍්‍රදේශයට ගිය එම පිරිස් එළවා දමා යළි නොඑන ලෙස තර්ජනය කල බවත් ප‍්‍රදේශවාසීහු ප‍්‍රකාශ කරති. නිල්ගල යකුනාහේන ප‍්‍රදේශය පුරාණ ලෙන්වලින් සමන්විත පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ප‍්‍රදේශයකි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාතේ ආරක්‍ෂක ප‍්‍රධානීන් පවසන්නේ තමන් දැනුවත්ව කිසිදු ආරක්‍ෂක කණ්ඩායමක් නිල්ගල ප‍්‍රදේශයට යවා නොමැති බවයි.


පසුගිය වසරේදී 2012 ලෝක විනාශය පිළිබඳව ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත තොරතුරු දක්වූ මධ්‍යම කඳුකරයේ අප්‍රකටව භාවනානුයෝගීව කටයුතු කරන තාපස තුමා ගේ මිත්‍ර තාපස තුමෙක් මීට මොහොතකට පෙර අපටත් දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගයෙන් ලැබුණු මේ දැනුම ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානය පිණිස ඉදිරිපත් කරන අතර එතුමාගේ ඉල්ලීම මත පුද්ගල අන්‍යතාව හෙළි නො කෙරේ. එතුමා බලාපොරොත්තු වෙන්නේ රාවණ රජතුමාගේ පුනරාගමනය ගැනත් ඊට හෙළයින් සූදානම් විය යුතු ආකාරය ගැනත් දැනුවත් කිරීමයි. කිසිදු සංස්කරණයකින් තොරව එම සම්මුඛ සාකච්ඡාව ඒ ආකාරයෙන්ම මෙහි පළ වේ.

වර්ගපූර්ණිකාව: ආයුබෝවන් ඔබතුමාට
තාපසතුමා: ආයුබෝවන්, රාවණ සිද්ධම්!

වර්ගපූර්ණිකාව: ඔබතුමා රාවණ රජතුමා ගැන සොයන්න පටන් අරන් කොච්චර කල්ද?
තාපසතුමා: දැනට අවුරුදු හයසීයක් විතර වෙනව. කුණ්ඩලීනී යෝගයේ ආයුෂ්කාර ශක්තියෙන් තමයි මෙච්චර කාලයක් ජීවත් වුනේ. ඒක නෙමෙයි, තමාට වැඩක් නෑනෙ මං ගැන. තමා රාවණ රජතුමා ගේ පුනරාගමනයට සූදාන වෙන්න, මගේ ගැන හොයල වැඩක් නෑ.

වර්ගපූර්ණිකාව: ඔබතුමාට කීමට තිබෙන විශේෂ පණිවිඩය කුමක්ද?
තාපසතුමා: මගේ ජංගම දුරකථනයේ විදුලි කෝෂයේ ආරෝපණය අවසාන වෙන්න ලඟයි, මෙහෙ ඒව ප්‍රති ආරෝපණ කරන්න තැනකුත් නෑ, ඒ නිසා කෙටියෙන් කියන්නම්.
මෙය මගේ හිතුමතේට පවසන දෙයක් නොවෙයි. එය විශේෂයෙන්ම ප්‍රථමයෙන් සඳහන් කළ යුතුයි. මේ පණිවිඩය ශ්‍රී ලංකාවාසීන්ට දීමට අවශ්‍යව ඇත්තේ රාවණ රජතුමාගේ යක්ෂ සේනාවේ අභයන්තර යුධ කටයුතු භාර සේනාධිපති මහාරක්ඛිත ජෙනරාල් තුමාටයි.

වර්ගපූර්ණිකාව: හා
තාපසතුමා: 2012 අගදී සිදුවන යුග විනාශයත් සමගම ශ්‍රී රාවණ රජතුමාගේ පුනරාගමනයට රාවන රජතුමාගේ යක්ෂ සේනාව සූදානම් වෙනවා. ඒකේ ප්‍රධානතම යුධ කේන්ද්‍රස්ථානය වන්නේ නිල්ගල පෞරාණික ලෙන් වලින් ගහන වණාන්තරය. ඒ නිසා කරුණාකරල ඒ පැත්තට කවුරුත් යන්න එපා. එහෙට ගිය කෙනෙකුට වෙන දේ හිතාගන්නවත් බෑ.

වර්ගපූර්ණිකාව: රාවණ රජතුමා ඔච්චර බලවත්නම් ඇයි අපේ රට දියුණු කරන්න උදව් නොකරන්නෙ?
තාපසතුමා: ඒකට තමයි පුතා මේ එතුමා හදන්නෙ. 2012 අවසාන වෙනතෙක් සිටින්න, ඉවසන්න.

වර්ගපූර්ණිකාව: නෑ මම කිව්වෙ ඊට කලින් වුණත් රටට යම් උදව්වක් කරන්න තිබුණ නේද?
තාපසතුමා: බලන්න පහුගිය 30 අවුරුද්දක් තිස්සේ ගිය යුද්දය අවසාන කරන්න උදව් වීමට රාවණා රජතුමා තම පුද්ගලික හමුදා ඛණ්ඩයක් යෙදෙව්ව. ඒකට තමයි "මහසොහොන් බලකාය" කියල කියන්නෙ. ඒකෙ ඉන්නෙ ඔක්කොම රාවණා රජතුමාට පක්ෂපාතී යක්කු. මහාචාර්ය නලින් සිල්වා මහතා කිව්ව මතකද ගිය අවුරුද්දෙ අගදී ඇමරිකාවෙන් ලංකාව ආක්‍රමණය කරනව කියල. ඒ බව දැනගත්ත රාවණා රජතුමා තම මායා බලය යොදවල ඒක නැවැතුව. ඔය දෙක විතරක් මදිද පුතා? රාවණ රජතුමා නොසිටින්න අද ලංකාව තනිකර අළු ගොඩක්.

රාවණ රජතුමාගේ නිර්මාණයක් වූ මහසොහොන් යුධ ඇඳුමෙන් සිටින, මහසොහොන් බලකායේ හෙළ යක්ෂයෙක්.

වර්ගපූර්ණිකාව: රාවණ රජතුමාගේ පැමිණීම අපට බලපාන්නේ කෙසේද?
තාපසතුමා: දේශපාලනමය වශයෙන් වෙනස් කම් සිදුවේවි. අපේ ජනාධිපති තුමා යන්ත්‍ර මන්ත්‍ර ආදිය විශ්වාස කරන ශ්‍රී රාවණ පාක්ෂිකයෙක් බැවින් එතුමාට කිසිදු ගැටළුවක් නෑ. එසේම එතුමාත් මේ ගැන දන්නව ඇති. පසුගිය දිනවල රාවණ පාක්ෂිකයින් විසින් ආරක්ෂක අංශ වලටත් හොරෙන් ඉතාමත් රහසිගතව රාවන රජතුමාගේ කඩුව සහ නිදන් ගත කළ න්‍යෂ්ඨික අවි ආයුධ (විශේෂයෙන්ම නාගපාෂණය, භ්‍රහ්ම අවිය, නීල පාෂාණය, ගුරුලුපාදය) සහ පුෂ්පක විමානය නිල්ගල යකුනාහේනට ගෙන ගොස් තැන්පත් කර තිබෙනව. විපක්ෂයේ මිනිස්සු අපරාදෙ අහක ඉන්න අයට බැන බැන හිටියෙ.
නිල්ගල කියන්නෙ, රාවණ රජතුමාගේ න්‍යෂ්ඨික අවි තිබුණ ස්ථානය. නිල්=නීල, ගල=පාෂාණය, හෙවත් "නීල පාෂාණය" ලෙස හැඳින්වෙන්නේ ඉපැරණි න්‍යෂ්ඨික අවි වලටයි. සාමාන්‍යයෙන් නිල් පාටින් නිරූපණය කරන්නේ න්‍යෂ්ඨික අවි නිසා මං කියන කතාව ඔප්පු වෙනව. එසේම යකුනාහේන කියන්නේ යකු=යක්ෂ, නා=නායක, හේන=සේනාව, ඒ අනුව නායක යක්ෂයින්ගේ සේනාව තමයි යකුනාහේනේ පෙරහුරු පවත්වන්නේ. මම කලින් කිව්ව මහාරක්ඛිත ජෙනරාල් තුමා තමයි එහි ප්‍රධානිය. ඉතින් ඔවුන් කොයි මොහොතක හෝ සිදුවන රාවණ පුනරාගමනයට සූදනමෙනුයි සිටින්නෙ.

වර්ගපූර්ණිකාව: රාවණ රජතුමා නැවත එන්නෙ කොහොමද?
තාපසතුමා: ඔයා ජනමාධ්‍යවේදියෙක් නේද? දන්නෙ නැද්ද රාවණ වංශිකයින්ගේ නිල පුවත්පත වන දිවයින පුවත්පතින් ඒක වාර්තා කරල තිබ්බ.


පිටසක්‌වල යානා 3ක්‌ පෘථිවියට එයි

2012 වසර අවසානයේදී දැවැන්ත අභ්‍යවකාශ යානා තුනකින් පෘථිවියට ප්‍රහාරයක්‌ එල්ල වේ. මේ අබිරහස්‌ තොරතුරු හෙළිකරන්නේ හාස්‌[1] නමැති විමර්ශන පද්ධතියයි. හාස්‌[1] විමර්ශන පද්ධතිය ඇත්තේ ඇලස්‌කාවේය. පිටසක්‌වල ජීවීන්ගේ ආගමනය විමර්ශනය කිරීම සඳහා වූ මේ පද්ධතිය ස්‌ථාපිත කර ඇත. පෘථිවිය වෙත ඇදී එන මේ දැවැන්ත පිටසක්‌වල යානා තුනින් එකක්‌ කිලෝමීටර් 240 ක්‌ තරම් විශාලය. අනිත් දෙක ඊට වඩා කුඩාය. මෙය ඇදහිය නොහැකි පුවතකි. එහෙත් හාස්‌ පද්ධතිය පවසන්නේ මේ යෝධ පිටසක්‌වල යානා තුන දැන් ප්ලූටෝ ග්‍රහයා, සමීපයේ ඇති බවයි. මේ යානා අඟහරු ග්‍රහයා සමීපයට ළංවෙත්ම ඒවා පෘථිවියේ දුර දක්‌නවලට පෙනෙන බවද හාස්‌ පද්ධතියේ පරීක්‍ෂකයෝ පවසති. මේ අනතුරුදායක තත්ත්වය ගැන ඇමරිකානු රජයට දන්වා ඇති බවද රුසියානු ප්‍රවෘත්ති සේවය කියා සිටියි.

මේ යානා පෘථිවිය වෙත සමීප වෙන්නේ 2012 දෙසැම්බර් මාසයේදීය. 2009 මාර්තු 15 වැනිදා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත පුවතක්‌ ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ මැච්නාන් නමැති චීන නිලධාරියා විසින් "නාසා"[2] ආයතනයේ රහස්‌ ඡායාරූප 1000 ක්‌ විමර්ශනයට පත්කළ බවත් එම ඡායාරූපවල මිනිස්‌ පා සටහන් පමණක්‌ නොව මිනිස්‌ සිරුරක්‌ පවා තිබූ බවයි. මෙම මිනිස්‌ සිරුර පිටසක්‌වල යානාවකින් සඳ මතට විසිකරනු ලැබුවක්‌ බවද පවසන එම චීන නිලධාරියා "ලුනා" යානාවකින් එකී ඡායාරූප ගත් බවද හෙළිකර ඇත.

මෙයට සමාන තොරතුරු හෙළි කළ නාසා[2] ආයතනයේ ඡායාරූප ඒකකයේ නියමු ප්‍රධානියා වූ ආචාර්ය කෙන් ගොන්ස්‌ටන් පැවසුවේ ඇමරිකානු අභ්‍යවකාශගාමින් සාදවා තිබූ කෘත්‍රිම නෂ්ටාවශේෂයෙන් හා නොහඳුනන යන්ත්‍ර රැසක්‌ සොයාගත් බවයි. එහෙත් මේ තොරතුරු ඇමරිකානු රජය විසින් රහසිගතයි යනුවෙන් දක්‌වා ඒ ගැන මහජනතාවට හෙළිකර නැත. 1969 අගෝස්‌තු 3 වැනිදා සඳ මත තත්ත්වය පිළිබඳව ගත් මෙම ඡායාරූප සම්බන්ධව තොරතුරු වසන් කිරීමට "නාසා"[2] ආයතනයද ක්‍රියා කර ඇත. මේ ඡායාරූප ඉතාම පැහැදිලියි. මිනිස්‌ සිරුරක්‌ සඳ මත තිබුණා යෑයි එම චීන නිලධාරියා විසින් හෙළිකර තිබේ.

මේ අතර සෙම් නමැති ආයතනයද මේ රහස්‌ හෙළිකර ඇත. ඔවුන්ද පැවසුවේ පිටසක්‌වල යානා තුනකින් ප්‍රහාරයක්‌ එල්ල වන බවයි. මායාවරුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වැනිදා අවසන් වේ. මායාවරුන්ගේ දින දර්ශනය හා පිටසක්‌වල යානා තුන අතර සබඳතාවක්‌ තිබේද?
කීර්ති වර්ණකුලසූරිය

අ‍ටුවාව [1]: හාස් යනු රාවණ රජතුමාගේ ඉපැරණි ගුවන් ආරක්ෂණ පද්ධතියක්. හා=හානි වාර්තාකරන, ස්=ස්ථම්භය, ඒ අනුව "හානිවාර්තාකරන ස්ථම්භය" හෙළදිවේ පිහිටා තිබුණේ හානිගල වනාන්තරයෙයි. එසේම "හාස්කම්" කියල රාවණ යුගයේදී හැඳින්වුවේ එම හාස්="හානි වාර්තා කරන ස්ථම්භයේ", කම්=ක්‍රියා වලටයි. සුද්දො ඒ හෙළ හාස් තාක්ෂණය සහිත ස්ථම්භය සොරකම් කළාට ඒකෙ නම වැරදියට සෙල් ලිපියකින් කියවලයි හාප් [HAARP] කියල කියන්නෙ

අ‍ටුවාව [2]: නාසා යනුත් ඇමරිකානු මහාද්වීපයේ තිබූ රාවණ රජතුමාගේ ඉපැරණි අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථායක්. නා=නාසය, සා=අහස, ඒ අනුව "අහස දෙසට ඇති නාසය" යන හෙළ නිරුක්තියෙන් තමයි නාසා බිහි වන්නෙ. නාසයෙන් කරන්නේ යමක් හඳුනාගැනීම වගේම, නාසා වලින් කෙරෙන්නේ අහසේ අති දෑ හඳුනාගැනීමයි. නමුත් සුද්දන් අපගේ හෙළ ශිෂ්ටාචාරය යටපත් කිරීමට ඒකට වෙනත් [NASA] තේරුමක් දීල.

එම පිටසක්වල යානා පැමිණෙන්නේ ප්‍රිඩෝටර් නැමති ග්‍රහලෝකයෙන්. ඔවුන්ගේ අරමුණ තමයි රාවණ රජතුම නැවත බලයට පත් වීම වැළැක්වීම. ඉතින් ඔවුන් මුළු ලෝකයම විනාශ කරන්නේ නෑ. නමුත් ජ්‍යොතිෂ්‍යඥයින් පවසන පරිදි රාවණාසේනාව ඉන් අනිවාර්යයෙන්ම දිනනව. එනිසා ඇත්තටම මේක ලෝක විනාසයක් නොවෙයි. ලෞකික රවණවිරෝධී ලෝකයේ බිඳ වැටීමක්. මේ යුගයෙන් පසුව මහාවංසය ඉවත් වී රාමායනය ජය ගනන්ව. ඒ සඳහා පිටසක්වලයන් පෘථිවියට පහර දීම විශාල බලපෑමක් කරාවි.

වර්ගපූර්ණිකාව: පිටසක්වලයන්ගේ ආක්‍රමණයෙන් ලක්වැසියන්ට හානියක් වේවිද?
තාපසතුමා: අනිවාර්යෙන්ම ඔව්; ඒ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපටත් බැහැ. ලියලා තියා ගන්න අපේ රටට පිටසක්වල ජීවීන්ගෙන් එක මිසයිලයක් හරි පාත් වෙනවා. මිනිස්සු හරියට හිටියොත් විශේෂයෙන්ම රාවණා රජතුමාට අපහාස කරමින් පණ්ඩිත කතා කිව්වෙ නැත්නම් වෙන හානියක් නැති වේවි. නැත්නම් ප්‍රිඩෝටර් ග්‍රහ ලෝකයෙන් එන පිටසක්වල ජීවීන් විසින්, රාවණා රජතුමට ‍රැක ගැනීමට නොහැකි වූ අර ද්‍රෝහීන්ගේ හිස් කබල් විද මොළය එලියට ගෙන ජානමය වශයෙන් වැඩිදියුණු රෝබෝවරුන්ව හදාවි.

වර්ගපූර්ණිකාව:- ඔබ ඔය ඇත්තද කියන්නේ? අප කොහොමද ඔය කතාව විශ්වාස කරන්නේ?
තාපසතුමා:- විශ්වාස කරන නොකරන එක ඔබගේ වැඩක්. නමුත් මේ කතාව ඔබගේ මාධ්‍ය තුලින් හෙලි කරන්න. එක පුද්ලගයකුගේ හෝ වෙනස්වීම මේ මොහොතේ වටිනවා. මතක ඇතිව විශ්වාස නොකරන අයට කියන්න දින වකවානු ඇතිව ලියලා තියාගන්න කියලා 2012 සැප්තැම්බර් අන්තිම සතියේ ඉදන් 2012 දෙසැම්බර් අන්තිම සතිය වෙනකන් ඉහතින් සඳහන් කළ සියළුම දේවල් නියත වශයෙන්ම සිද්ධවන බව. එහෙම වුණෙ නැත්නම් මම මගේ කණ කපනව.

වර්ගපූර්ණිකාව: මා ඔබතුමාව විශ්වාස කළත් මැදහත් පාථකයින් වෙනුවෙන් කිසියම් හෝඩුවාවක්වත් දෙන්න පුලුවන්ද?
තාපසතුමා: රාවණා රජතුමා නිදා සිටිම මහ කුඩු ගල පර්වතයේ දකුණු පැත්තට වෙන්න විශාල ප්‍රපාතයක් තියෙනව. ඒ ප්‍රාපාතයේ මද දුරක් යටට ගියොත් ඔබට කුඩා සෙල් ලිපියක් දැකගන්න පුළුවන් වේවි. එහි අතීත ආකාෂාවාස බාසාවෙන් සටහන්ව තිබෙන්නේ මෙවැන්නක්.
"හෙනෝකිසගොලළුන්රීඳතද්වඩිමහානදන්වකි"
එය ඛණ්ඩනය කර හෙළ ප්‍රකෘතියෙන් පළ කළ විට මෙලෙසැයි.
හෙනෝ=හෙනයක් සේ, කිස=කර්තව්‍යය, ගොලළුන්=නිෂ්ශබ්දව, රීඳ=රාවන, තද්=තෙද, වඩිම=පැමිණීම, හාන=හානිය, දන්වකි=දන්වමි, මෙහි අරුතනම්, "නිශ්ෂබ්දව සිටින රාවනයන් හෙණයක් සේ පැමිණ තම කර්තව්‍යය කිරීමේදී හානිය(යුග විනාශය) විය හැකි බව දන්වමි" යන්නයි. රවුන්ගේ ආගමනය සහ යුග විනාසය සම්බන්ධ වන්නේ එලෙසැයි.

වර්ගපූර්ණිකව: රාවණ රජතුමාගේ පුනරාගමනයට මුහුණ දීමට අප කරන්න ඕනැ මොනවද?
තාපසතුමා: විශේෂයෙන්ම පහත දැක්වෙන රාවණා මන්ත්‍රය දිනපතා ජප කරන්න.
ඕං දිට්ඨි රාවණ පෘෂ්‍ය නඣුහාර ප්‍රඨණ්ඩාර වර වර සොත්ති ප්‍රභාධයුඛ්. නමෝ රාජ මන්ද්‍ර මහේන්ද්‍ර වස්ථු හෝති විජ්ඣිකෝ පායුඝ් සමණාසව: කළුබණ්ඩාර කින්ද යක්ඛ වජ්ජාපියා සෝතුං ඒස්වහ:
ඊට අමතරව , මෙහි පහතින් දැක්වෙන ‘විශේෂ සළකුණු ඇතුලත් පිංතූරය’ හැකි නම් මුද්‍රණය කර සහ හැකි නම් රාමූ කර නිවසේ බුදු පිළිමට පහළින් දෙවිවරුන්ගේ රූපවලට සමාන්තරව හෝ පහළින් තබා ගන්නා ලෙසට පාඨකයින් දැනුවත් කරන්න. පුතා, මේ ලිපිය හැකි තරම් බෙදා හරින්න කියල ඔයාගේ පාථකයින්ට පවසන්න, නැත්නම් අපේ අසරණ මිනිස්සු නොදැනුවත් කමින් ලොකු අමාරුවක වැටේවි.


හෙළයින්ගේ යුධ යාත්‍රා, ගම් වල නම් වලින් හෙළි වෙන හැටි

රාවන යුගයේ හෙළයින්ට තිබූ සංග්‍රාම රථ වල තිබූ දියුණුව අදත් ගම් වල නම් වලින් විද්‍යාමාන වෙයි. පර සුද්දන් විසින් අපෙන් සොරාගනනා ලද පුස්කොළපොත් වලින් ඔවුන් මේ යුධ රට හදා තිබුණත් ඒවායේ නියම උරුමක්කාරයින් වන්නේ අප හෙළයයි. ප්‍රධානතම යුධ රථ වලට උදාහරණ මෙලෙසැයි. මේවා වර්ගපූර්ණිකාවේ පද නිරුක්තීන් මගින් ඔප්පු කරන දේවල් නිසා සත්‍ය බව වටහාගන්න. බැලු බැල්මටම මේවාට සිනා සෙන්නෝ රාවන රජුට ගරහන්නෝය.

ගුවන් යානා


වාරියපොළ
වා=වාතයේ=අහසේ, රිය=වාහන, පොළ=නැවතුම්පොළ
අහසේ ගමන් ගන්නා වාහන (දඬුමොනර) නවත්වන ස්ථානය
වාරියපොළ ලෙස හැඳින්වෙන ගම් දෙකක් ශ්‍රී ලංකාවේ ඇත. එකක් කුරුණෑගල ආසන්නයේද අනික මාතලේ ආසන්නයේද ඇත. මෙම ස්ථාන අතීත ගුවන් තොට දෙකකි.

මාතලේ
සමන් දෙවියන්ගේ නියමුවා වූ මාතලේ දේවයා හෙවත් "මාතලී" තම දඬුමොණර විමාන යානය ගොඩබැස්සවූයේ මාතලේ අසල වාරියපොල අහස් යාත්‍රාංගනයටය.

තො‍ටුපොළකන්ද
තො‍ටුපොළ=ගුවන් තො‍ටුපොළ, කන්ද=උස් වූ ස්ථානය=ටවර් එක
අතීතයේ හෙළ ගුවන් යානා රට පුරා යාමේදී ඒවායේ ගමන් මාර්ග පාලනය කිරීම සඳහා භාවිතා කළ Airport Tower එක මෙම තො‍ටුපොළකන්ද බව නිගමනය කළහැකිය.

විගුහුම්පොළ
වි=විමාන, ගු=ගුවන්, හු=හුමාලය, පොළ=තො‍ටුපොළ
ඉහත තේරුම් නිසි පරිදි ගැලපූ විට
"හුමාලයෙන් යන විමාන ගුවන් තො‍ටුපොළ" යන අර්ථය ලැබේ.
මධ්‍යම පළාතේ ඇති විගුහුම්පොළ යනුත් එදා රාවන රජතුමාගේ හුමාල ශක්තිය ලබාගත් විමාන හෙවත් දඬුමොණර නැවැත්වූ ගුවන් තො‍ටුපොළක් බව පැහැදිළි වෙයි.

විලන පල්ලේගම
වි=විමාන, ලන=බාන, පල්ලේ=පහතට, ගම=ග්‍රාමය
එනම්, විමාන පහතට බාන ග්‍රාමය
මධ්‍යම පළාතේ ඇති විලන පල්ලේගම යනුත් රාවනා රජතුමාගේ විමාන යන්ත්‍ර පාත් කරන ගමක් බව පැහැදිළියි.

විලන උඩගම
වි=විමාන, ලන=දමන, උඩ=ඉහලට, ගම=ග්‍රාමය
එනම්, විමාන ඉහල දමන ග්‍රාමය 
මධ්‍යම පළාතේ ඇති විලන උඩගම යනු, විලන පල්ලේගමින් පහළට ගොඩ බාපු රාවනා රජතුමාගේ විමානම් නැවතත් ඉහලට ගුවන් ගත කරන ගමයි.

විල්ගොමුව
වි=විමාන, ල්=ලා=දමන, ගොමුව=ගොඩ
විමාන දමා ඇති ගොඩ
මධ්‍යම පළාතේ ඇති විල්ගොමුව යනු රාවනා රජතුමාගේ දඬුමොණර විමානයන් ගොඩ ගසා තිබූ තැනක් බව ඒ අනුව ඔප්පු වෙයි.


හෙළිකොප්ටර්



හෙළ උඩ
හෙළ=හෙළි, උඩ=උඩ යැවීම
ඒ අනුව, හෙළිකොප්ටර් ගුවන්ගත කළ ස්ථානය හෙළ උඩ නම් විය. ඌව පළාතේ මේ ගැන තවමත් ජනකතා තිබෙයි, ඉන් එකක් වන්නේ හෙළිකොප්ටරයක් ගොඩ බෑමේදී එහි සයිලන්සරයෙන් නිකුත්වූ ධූම විදිල්ල නිසා පළාතම අන්ධකාර වූ බවයි, අදත් ධූම විදිල්ල හෙවත් දූවිල්ල යන පදය භාවිතා වෙන්නේ එතැන් සිටය.
හෙළිකොප්ටර් යනු හෙළ වදනක් වන "හෙළ-කොප්පරා" යන වදනෙන් බිඳුනකි. "හෙළ-කොප්පරා" යනු අතීතයේදී දේව හෙළයින් විසින් ගුවනින් කොප්පරා ප්‍රවාහණය සඳහා භාවිතා කළ විමානයයි.

හෙළගම
හෙළ=හෙළකොප්පරා, ගම=ග්‍රාමය
එනම්, හෙළකොප්පරා ග්‍රාමය යන්නයි, උඩරට පනිත රජතුමාගේ යටතේ තිබූ සියලුම හෙලි කොප්පරා නැවැත්වූයේ මේ ගමේය. සුමනසමන් රජතුමා විසින් මෙය සෘජුවම පාලනය කරන ලදී. එහි දෙවැනි නායකයා වූයේ "හෙළනා" නැමැත්තෙක් බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි. අදත් හෙළේනා පරපුර පැවත එන්නේ ඔහුගෙනි.


සබ්මැරීන්


සමන්බැද්ද
ස=සබ්මැරීන්, මන්=මනස, බැද්ද=බැඳීම
එනම්, මනසින් ක්‍රියාතමක කළ හැකි සබ්මැරීන් බැඳ තිබූ ස්ථානය.
(සබ්මැරීනය යනුත් හෙළ වචනකි, ස=සාගරය, බ්=බලන, මැ=මැදි=මධ්‍යම, රි=රිය=වාහනය, නය=නඩය, සාගරය බලන මධ්‍යම ප්‍රමානයේ නඩයකින් හෙබි වාහනය.)
බස්නාහිර පළාතේ ඇති සමන්බැද්ද යනු එදා රාවන රජතුමාගේ කාලයේදී මනසින් ක්‍රියාත්මක කළ හැකි සම්මැරීන් බැඳ තිබූ ගොඩබිම අභ්‍යන්තරයේ ඇති වරායක් බව ඉන් පැහැදිළි වෙයි. එම රහස් වරායේ සිට කළු ගඟට විශාල ඇලක් තිබුණ අතර එතැන් සිට කළු ග‍ඟෙන් මූදට සම්බැරීන් ගොස් ඇත. කළු ගඟට ඒ නම ලැබුණේ එකවිට කළුපාට සම්බැරීන් ගොඩක් ගමන් කරද්දී ගඟ කළුවට පෙනීම නිසයි. පුෂ්පක දඬුමොණරය මනසෙන් දෙන විධානයන්ගෙන් ක්‍රියාත්මක වන්නා සේම මීනක සම්බැරීනයත් මනසින් දෙන විධානයන්ට අනුව ක්‍රියාත්මක වූ බව වර්ගපූර්ණිකාවේ දැක්වුණි. අවාසනාවකට වර්ගපූර්ණිකාව බමුණන් විසින් ගිණිතබා ඇති නිසා ඒ තාක්ෂණය අපිට අහිමි විය. බලන්න අප හෙළයේ තාක්ෂණ දියුණුව, ඒත් අද අපි කොහොමද?

සබරගමුව
ස=සම්බැරීන්, බර=භාරගන්නා, ගමුව=ගම
එනම් රාවනා රජතුමාගේ සම්බැරීන් භාරගන්නා ගමට කිව් නමයි. ඇත්තටම මෙහි තො‍ටුපොළක් නොතිබුණ අතර මෙහි තිබුණේ සබ්මැරීන් කළමණාකරණය කළ පරිපාලන ගොඩනැගිල්ලකි, එහි ප්‍රධානියා සබරනායක විය, අදත් සමරනායකලා පැවතෙන්නේ එම රාක්ෂ සබරනායකයන්ගෙනි.


රොකට් හෙවත් රාක‍ටු


රොටවැව
රොට=රොකට්, වැව=ජලාශය
ඒ අනුව, රොකට් තිබුණ ජලාශය රොටවැව නම් විය. "රොකට්" යනුත් "රා™ ක‍ටු" නැමැති හෙළ වදනින් හැදුනකි. රාවනා රජතුමා විසින් සතුරන්ට පහර දීමට න්‍යෂ්ඨික අවි වර්ගයක් එම හෙළ කොප්පරා වල සවි කරන ලදී. ඒවා "රා™ ක‍ටු" නම් වේ. ඒ අනුව රොකට් තාක්ෂණයත් හෙළුවන්ගේමය.
ඉතින් ජලාශයක ඇති රොකට් පිළිබඳව ඔබ විමතියට පත් වෙනවාට සැක නෑ. නමුත් ඒ තාක්ෂණය අපට තිබුණ අතර හෙළයින්ගේ වෛමානික ශ්‍රාස්ත්‍රය කියවූ ඇමරිකාවේ නසා ආයතනය එවැනි යානා නිෂ්පාදනය කර ඇත.
ඉහත ආකාරයේ රොකට් රොටවැව (රොකට් වැව) තිබුණ ජලාශයක තිබූ බව ඔබ පිළිගන්න කැමති නැද්ද? ඔබ කැමති හැම දෙයක්ම සුද්දන් හැදූ බව පිළිගන්නද? එසේ පරගෙත්තෙන්නම් ඔබ ගැන ලැජ්ජා වෙමි.
හොරොව්පතාන
හො=හොඳ, රො=රොකට්, පතාන=පාත් කරපු තැන්න
රාවනා රජතුමාට තිබූ ඉතාමත් උසස් තත්ත්වයේ රොකට් පාත් කරපු තැන්න මේ නම් විය, මෙයට මළ යකුන්ගෙන් දැඩි ආරක්ෂාවක් යොදා තිබූ බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි. දිනක් සෙනසුරු ග්‍රහයාගෙන් යකඩ තොගයක් අරගෙන "අග්නි රාක‍ටුවකින්" පැමිණි ඉන්ද්‍රජිත්ට තම රාක‍ටුව ගොඩ බෑමේදී සිදුවූ වරදක් නිසා පොළොව විශාල වශයෙන් හෑරුණි. තාමත් හොරුව්පතාන නගරයට ආසන්න වෙල් යාය ගැඹුරු භාවයක් දක්වන්නේ එදා හෑරුණ වල ඇත්තේ එතැන නිසයි.


සැටලයිට් හෙවත් හැටලයිට්


හැඳල
හැඳල යනු එදා හැටලයිට් එක ගුවන් ගත කළ සහ පාලන මැදිරිය තිබූ ග්‍රාමයයි. හැඳල යන නම හැදුනේත් හැටලයිට් හි "ට" ලොප් වී ඒ වෙනුවට "ඳ" අවුත් අග "යිට්" ඉවත් වීමෙනි.
"සැටලයිට්" යනු හෙළ වදනක් වන "හැට ලයිට්" වලින් බිඳුනකි. එනම් ලංකාපුර රාජධානිය තුළ මනා තොරතුරු සංනිවේදනයක් පවත්වාගැනීම සඳහා විදුළි බුබුලු හැටකින් යුතු අභ්‍යාවකාශ වස්තුවක් අහසේ තැන්පත් කිරීමට විශ්වකර්ම රජතුමා කටයුතු කර තිබුණි. පසුව එය "හැට ලයිට්" නම් විය. (ලයිට් යනුත් හෙළ වදනකි). ඒ දු‍ටු රාවනා විසින් තොරතුරු තාක්ෂණය සඳහා එය වැඩිදියුණු කරගන්නා ලදී. මීට අමතරව සතුරු රාජධානි වලින් ඔත්තු බැලීමටත් මෙය භාවිතා කළ නිසා යුධ රථයක් බව කීමටත් හැකිය.

හේවාහැට
හේවා=සේවා, හැට=හැටලයිට්
එනම්, හැටලයිට් සඳහා සේවා සැපයූ ස්ථානයයි, මධ්‍යම පළාතේ ඇති හේවාහැට නගරයේ ඇති හේවාහැට රජමහා විහාරයේ ඇති සෙල් ලිපියක මේ බව දැක්වෙයි. (මේව අපිට එකින් එක ගෙනල්ල හොයල දෙන්න බෑ, ඉතිහාසය කියන්නෙ අමාරුවෙන් හොයාගන්න ඕනැ එකක්, ඔයාලම ගිහින් සොයා බලන්න)

හැටන්
හැට=හැටලයිට්, න්=එන්
හැටන් නම සැදුනේ හැටලයින් එන ස්ථානය ලෙසටයි. එදා රාවනා රජතුමාගේ කාලයේදී හැටලයිට් ගොඩ බාද්දී මුලින්ම පෙනුනේ හැටන් වලටයි. තවමත් හැටන් හි ඒ ගැන ජනකතා පවතී.

No comments:

Post a Comment

vision